පොදු සතුරාට එරෙහිව සමගි වෙමු

වසර කීපයකට පෙර ශ්‍රිලාංකික සියලු දෙනා කොටියා නමැති පොදු සතුරා එරෙහිව සමගි වූහ.රට කරවූ දේශපාලන නායකත්වය ද, කොටියට සෘජුවම මුහුණ දුන් හමුදා නායකත්වය ද පොදු අරමුණ ජයගනු පිණිස එක වූහ.ඉතිහාසය තුල කොටියා පරදවීමට තිබූ අවස්ථා ඉහත දෙපාර්ශවයේ නොගැලපීම් නිසා අහිමි වූ බව අපි දැක ඇත්තෙමු.ප්‍රකට වඩමාරච්චි සටන එවන් එක් අවස්ථාවකි.නමුත් මෙවර එසේ වූයේ නැත.මිලිටරි නායකත්වය ද දේශපාලන නායකත්වය ද සමග මුලු මහත් රටේම ජනතාව ද ‍කොටියාට එරෙහිව එක කදවුරකට ගොනු වූහ.යුද්ධ පරාජයෙන් කොටින් රැක ගැනීමට උත්සුක වූ සුලුතරයක් පමණක් රජයට එරෙහි කදවුරකට ගාල් වූ නමුදු ඹවුන් ගේ හඩට වඩා අනෙක් හඩ කීප ගුණයක් ප්‍රබල වූයෙන් කොටින්ගේ පරාජය වැලැක්වීමට ඹවුනට හැකි වූයේ නැත.

ඒ 2009 මැයි 19 කොටින් පරදවා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ලැබූ කාලයේ මෙරට පැවති ආකාරයයි.නමුත් අද වනවිට තත්වය එසේද?

නැත. කොටියා මිය ගිය ද කොටියා පසු පස සිටි බලවේග තවමත් නිරුපද්‍රිතය.චැනල් ෆෝ වීඩියෝ, දරුස්මාන් කමිටු වාර්තා හරහා රටට එරෙහි බලවේග යලි යලිත් තීරණාත්මක අභියෝග එල්ල කරන වාතාවරණයක් තුල අප පෙර සේම සවිමත් ද?දේශපාලන නායකත්වය හා යුද්ධයට හමුදාමය නායකත්වය සැපයූ ෆොන්සේකා මහතා බද්ධ වෛරක්කාරයන් වී දෙපසකය.ජනතාව ද ඒඒ නායකයන් පසුපසය.චැනල් ෆෝ වීඩියෝවට රජය පාර්ශවයෙන් පිලිතුරු දීම අපි අගයකරමු.නමුත් ඒ පිලිතුර සම්පූර්ණ වීමට හිටපු යුධ හමුදාපතිවරයා ඉදිරිපත්වීම අත්‍යවශ්‍ය නොවේද?හිටපු යුධහමුදාපතිවරයා අපරටේ ජනතාවට බලහත්කාරයෙන් අමතක කරවූවද (එසේ කළ හැකියයි ලේඛකයා නොසිතයි) ජාත්‍යන්තර ප්‍රජාවට හමුදාපති ගේ භූමිකාවෙන් තොර අවසන් සටනක් පෙන්විය හැක්කේ කෙසේද? මෙවන් අසම්පූර්ණ වාර්තා වලින් අවාසිය අප රටට ම නොවේද?

දැන් රට ඉදිරියේ ඇත්තේ බුද්ධිය භාවිත කොට සිදුකළ යුතු නිරවි ප්‍රචාරණ යුද්ධයකි.ආයුධ සන්නද්ධ යුද්ධයේ සෙන්පතියන් වූ ඝෝඨාභය රාජපක්ෂ මහතා, ශවේන්ද්‍ර සිල්වා මහතා ආදින් එම යුද්ධයේ ද සෙන්පතියන් වීම ගැන සතුටු විය හැකි නමුත්, ජෙනරල් ෆොන්සේකා මේ සටනින් ඉවත් කර වැලිකඩ බිත්ති හතරක් අතර තැබීම පිළිඹද අතිශයින් කණගාටු වෙමු.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 08/08/2011, in කාලීන. Bookmark the permalink. 2 Comments.

  1. සරත් ෆොන්සේකා වැලිකඩ බිත්ති හතරකට හිරවුනේ තමුන් විසින් මෙහෙයවූවායයි කියූ යුද්ධය තමුන් විසින්ම පාවාදීම නිසා කියලයි මගේ අදහස. අද පොදු හතුරා හැටියට බොහෝ අය තෝරාගන්නට වලිකන්නේ මහින්ද ගෝඨා ඇතුළු පිරිසවයි. ඒක හරිම අවාසනාවක්.

    • විවිධ මතිමතාන්නර තියෙනවා.මම නම් හිතන්නේ සියල්ලටම මුල බල ලෝභී දේශපාලනය.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: