මනාප ක්‍රමය හා බැදුන මිත්‍යාවන්

මේ සමානුපාතික නියෝජන ක්‍රමයට පක්ෂව ඉදිරිපත් කළ ලිපි පෙලක මීලග පියවරයි.

මුදල් ඇති අය තමයි දිනන්නේ

මෙය අර්ධ සත්‍යයකි.මදක් විමසා බලමු.සමානුපාතික ක්‍රමය යටතේ අපේක්ෂකයෙකුට මුල් මහත් දිස්ත්‍රික්කයක් පුරාවට කම ප්‍රචාරණ කටයුතු සිදු කළ යුතු බැවින් විශාල සම්පත් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම ‍මෙම ක්‍රමයට එරෙහිව ඇති ප්‍රභල තර්කයකි.එබැවින් අතමිට සරු ධනවතුන්ට පමණක් මැතිවරණ තරග කිරීමට ද ජයග්‍රහණයට ද අවස්ථාව ඇති බව ප්‍රකාශිතය.නමුත් කතුවරයාගේ තර්කය නම් මැතිසබයේ දොරටු සදාකාලිකවම විවර වූයේ ද විවර වන්නේ ද එවන් රිදී හැන්ද මුව තබාගෙන උපන් අයටම බවයි.කේවල කොට්ටාශ ක්‍රමය ක්‍රියාත්මක වූවා කියා මෙහි වෙනසක් වීමට ඉඩ නැත.ඇත්ත 1956 පෙරලිය, 1977 පෙරලිය බදු විරල අවස්ථා කීපයකදී සාමාන්යො පංතියේ පුංචි මිනිසාට ද මැති සබයේ රුවන් දොර විවර වූ බව සැබෑවකි.නමුත් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ද එවන් අවස්ථා අප දැක ඇති බව මතක් කරදීමට මෙම අවස්ථාව යොදා ගමි.එමන් ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතව ඉදිරිපත් වූ මහ මැතිවරණයේදී ධනවත් ශ්‍රීලනිප අපේක්ෂකයින් අභිබවා සෑම දිස්ත්‍රික්කයකින් ම පාහේ වැඩිම මනාප ලැබ ජයගත්තේ ජවිපෙ අපේක්ෂකයන්ය.ඒ අපේක්ෂකයන් දිස්ත්‍රික්කය පුරාවට දැවැන්ත කටවුට් සවිකල බවක් හෝ තාප්ප වනසමින් පෝස්ටර් ඇලවූ බවක් නම් අපට මතක නැත.එමෙන් ම එම මැතිවරණයෙන් ම මැතිසබයට පිවිසි ජාතික හෙළ උරුමයේ සමහර හිමිවරු සිහිනෙන් වත් එවැන්නක් බලාපොරොත්තු නොවූ බව මාධ්‍යය මගින් අපි දුටුවෙමු.එවන් එක් හිමිනමක් මෙය සමාන කළේ මගුල් ඇතා පාදපාමුල දණ ගැසුවා වගේ වැඩක් යනුවෙනි.එබැවින් මැතිරණ ජය ගැනීමට සාමාන්යක පංතියේ ජනයාට ද පවතතින ක්‍රමය යටතේ ද සුවිශ්ෂී තත්වයක් යටතේ ඉඩක් පවතී. අනෙක් අතට කුමන මැතිවරණ ක්‍රමය පැවතිය ද බලය ලබා ගැනීම සදහා වෙහෙසෙන්නේ ආර්ථික අතින් සමෘද්ධිමතුන්මය. පවතින්නේ කේවල ක්‍රමය නම් ධනවතුන් අපේක්ෂකත්වය ලබා ගැනීමට යහමින් මුදල් විසි කරනු ඇත.යම් මැතිවරණ කොට්ඨාශයක ආසන සංවිධායක ධූරය තනිකරම පක්ෂ නායකත්වයේ තීරණ මත කරන පත්කිරීමක් බැවින් ධනවතෙකුට විනා සාමාන්‍යය පංතියේ අයකුට එවවන් තනතුරක් හිමිවේ යයි බලාපොරොත්තු විය හැකිද?

කොට්ඨාශයට වගකියන මංර්‍ත්‍රී කෙනෙක් නෑ

මෙය සමානුපාතික නියෝජන ක්රතමයට එරෙහිව ඇති සාධාරණ දුක්ගැනවිල්ලකි.නමුත් පහසුවෙන් විසදාගත හැක්කකි.මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ජයග්‍රාහී අපේක්ෂකයන් ඒ ඒ මැතිවරණ කොට්ඨෘශ වලට අනියුක්ත කර පත්වීම් ලබාදීමට මැතිවරණ කොමසාරිස්වරයාට පුලුවන.මෙහිදී ජයග්‍රාහී අපේක්ෂකයා සංවිධායක කම දරන කොට්ඨාශය ම ප්‍රමුඛතා පදනම මත ඔහුට හිමිවිය යුතු අතර යම් කොට්ඨාශයකට කිසිදු පක්ෂයකින් නියෝජිතයකු ජයගෙන නැත් නම් කොමසාරිස්වරයාට මැදිහත්වී අයකු පත් කළ හැක.(මක් නිසා ද යත් යම් කොට්ඨාශයකට ජයග්‍රාහී අපේක්ෂකයකු නැත් නම් වෙනත් කොට්ඨාශයක අනිවාර්යයෙන්ම ජයග්‍රාහීන් දෙදෙනෙකු සිටිය යුතු බැවිණි).මංත්‍රී නම් ලැයිස්තුව ගැසට් කරන විටම මෙම පත්වීම ද කළහැකි අතර එතැන් සිට මංත්‍රීවරයා හැදින්විය යුත්තේ ඔහු නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මංත්‍රී ලෙස නොව ඔහුව අනියුක්ත කළ කොට්ඨාශයේ මංත්‍රීවරයා ලෙසය.එතැන් පටන් තමා නියෝජනය කරන කොට්ඨාශයේ සංවර්ධන කටයුතු ඔහුට භාරය.මෙය පාර්ලිමේන්තු මැතිවරණයට මෙන්ම අනෙකුත් මැතිවරණ සදහා ද සාර්ථකව කළ හැක්කකි.සමහර විට දිස්ත්‍රික්කයක මංත්‍රී ධූර ගනණ හා මැතිවරණ කොට්ඨාශ ගනණ වෙස් නම් එය සමවන පරිදි සංශෝධනය කිරීමේ හැකියාව පවතින බැවින් ගැටලු ඇතිවීමට ඉඩක් නැත.1989 ට පෙර මෙන් ජනතාවට අපේ මංත්රීසතුමා යයි කීමට කෙනෙක් ලැබෙනවා ඇත.

මැර බලය – එකම පක්ෂය තුල ගැටුම්

මේවා තනිකරම දේශපාලන සංස්කෘතිය පිලිබද හා ඒඒ පුද්ගලයන්ගේ හා පක්ෂ වල විනය පිලිබද ගැටලුය.පාක්ෂිකයන් අවනත කරගැනීමට හා මැතිවරණ තීති උල්ලංඝනය නොවනසේ ක්‍රියා කිරීමට පක්ෂ නායකත්වයට හැකියාව තිබිය යුතුය.මැතිවරණ කුමය වෙනස් වූවා කියා මෙම ගැටලු විසදෙන්නේ නම් නැත.

ඡන්දයට වියදම් කළ මුදල් සොයන්න වෙනවා

මැතිවරණයට වියදම් කළ අති විශාල මුදල් සම්භාරය නැවත සොයා ගැනීමට අපේක්ෂකයන් අයථා ක්‍රම වලට යොමුවන නිසා දූෂණ වංචා ඉහල යන බව ජනප්රිශය චෝදනාවකි.නමුත් වත්කම් ප්රයකාශන ඉදිරිපත් කිරීම, මැතිවරණ අයවැය ප්රාකාශ ඉල්ලීම වැනි නීතිමය ප්‍රතිපාදන හරහා මෙවන් දේ වැලැක්වීමට හැක. අතර දූෂිත දේශපාලකයන් මොන ක්‍රමයට පත් වුව ද දූෂණ වල යෙදෙන නමුත් රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වේනම් එවන් වංචනිකයන් මැඩලිය හැක.

යෝජනා

බෝනස් ආසන එපා

සමානුපාතික නියෝජන ක්රදමය තවත් අර්ථවත් කිරීම සදහා කතුවරයා යෝජනා දෙකක් ඉදිරිපත් කරයි.පලමු වැන්න දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහී පක්ෂයට ලබා දෙන ප්‍රසාද ආසනය ඉවත් කිරීමයි.මෙ‍ම ‍ප්‍රසාද ආසනය නිසා සිදුවන්නේ සමානුපාතික බව බිදීයාම යි.

අනෙක් යෝජනාව නම් දිස්ත්‍රික්කයකට හිමි මංත්‍රී ධූර ගණන විනිවිදභාවයකින් යුතුව සංශෝධනය කළ යුතු බවයි.මේ සදහා යොදාගන්න නිර්ණායකයන් (ජනගහණය, භූමි ප්‍රමාණය) පැහැදිලි  විය යුතු අතර මංත්‍රීධූර 196 සාධාරණව බෙදී යායුතුය.ජාතික ලැයිස්තුව නොවෙනස් ව පැවතිය යුතුය.මැතිවරණ කොට්ඨාශ සීමා ද නිවැරදිව නිර්ණය කළ යුතුය.පලාත් පාලන ආයතන මට්ටමින් ද එසේ විය යුතුය.

නැවත අවධාරණය කරනුනේ මහජන නියෝජිත ආයතන සදහා නියෝජිතයන් තෝරාගැනීම සදහා දැන් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය (හරය නොවෙනස්ව සුලු සංශෝධනයන්ට යටත්ව) වඩාත්ම නිවැරදි තර්කානුකූල මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එකග ක්‍රමය බවයි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 05/08/2011, in මැතිවරණ. Bookmark the permalink. 4 Comments.

  1. මුතුහෙට්ටිගම පත්තරේට කියලා තිබුනා පලාත්සභා ඡන්දෙට කල වියදම ලක්ෂ 700 ක් බව.පහුගිය මහ මැතිවරණෙට වැඩිම මුදල් කන්දරාවක් වියදම් කල,තිලංග,විමල් සහ දුමින්ද කල වියදම ලක්ෂ 500න් එහා ගිය ගනනක්.පවත්නා මැතිවරණ ක්‍රමය නෙවෙයි,දේශපාලන ක්‍රමය ඇතුලේ මේ වියදම කල නොහැකි අපේක්ෂකයෙක් ජයග්‍රහණය කිරීම දැන් සිහිනයක්.මේකට විසඳුම මැතිවරණ ක්‍රමය මාරු කිරීම නෙවෙයි කියන කාරණාවට මමත් එකඟයි.ජවිපෙත් සමඟ සංධානගතවූ මැතිවරණයේදී, එක් දිස්ත්‍රික්කයකින් හැර අනික් හැමකකින්ම වැඩිම මනාප ලද අපේක්ෂකයා ජවිපෙ අපේක්ෂකයෙක් වීමේ යාන්ත්‍රණය අනුගමනය කල හැකිනම් මේ මනාප පොරයට ඒක විසඳුමක් වෙයි.
    ජාතික ලැයිස්තුව නොවෙනස් වීම හොඳයි.හැබැයි එයින් පත්වෙන පුද්ගලයන් පිලිබඳ පැහැදිලි නිර්ණායකයක් තිබිය යුතුයි.ඒ අපි මෙයින් කදිරගාමර් මහතා පත්වීම පිළිබඳ අතිශයින් සතුටට පත්වන අතරම මර්වින් සිල්වා පත්වීම පිළිකුලෙන් හෙලාදකින නිසාවෙන්.

  2. ඹබත් සමග එකගයි මිත්‍රයා

  3. මේ අදහස් වලට මාත් එකඟයි … කොහොම උනත් අපේක්ෂකයින්ට ආසනයක වගකීම දීම නම් අනිවාර්යයි . සාමාන්‍ය ක්‍රමයේදී බැරි උනත් ඉස්සරහට කරනවාය කියන පරිඝනක කරණෙයදි පහසුවෙන් කරන්න පුලුවන් වැඩක් තියනව . ඒ තමයි ආසනයට බරක් තැබීම . ඒ කියන්නේ තිලංගට කොලඹ දිස්ත්‍රික්කයෙන් කොච්චර මනාප තිබුනත් මන්ත්‍රි කෙනෙක් වෙන්න බොරැල්ල ආසනයේ සන්ධාන ඡන්ද වලින් 50%ට වඩා තියෙන්නෙ ඕනි කියන වගේ තත්වයක් (එහෙම එකක් තිබ්බත් තිලංග දිනුම් ) එහෙම උනාම තමන්ගේ ආසනය අමතක කරල වැඩ ල් කරන්න පෙල ඹෙන්නෙ නැ , මොකද ඒක මූලික සුදුසු කම නිසා

    • @බුවා,
      ඒක ඇත්ත.ඡන්ද කාලෙට දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් ගහනවට වඩා හොදට ජනතාව ආකර්ශනය කරගන්න පුලුවන් අවුරුදු 6 පාලන කාළය තුල මිනිස්සුන්ට දැනෙන්න තමන්ගේ කොට්ඨාශය තුල වැඩ කළොත්.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: