පුංචි ඡන්දේ මොකද වුණේ?

පුංචි ඡන්දයේ දෙවන අදියර ද අවසන් විය.සුපුරුදු පරිදි රජය දකුණේ තම ජයග්‍රහණය යලි තහවුරු කරගැනීමට සමත් විය.උතුරේ ජයග්‍රහණය දෙමළ ජාතික සංධානය සතුවිය.එ.ජා.ප ය හෝ ජ.විපෙ තම ජය මාවත එලි පෙහෙලි කරගැනීමට මෙවර ද අසමත් විය.මේ ප්‍රතිපල රටට කියන්නේ මොනවාද?ඒ මීට වසර දෙකකට පෙර සිදු වූ යුධ ජයග්‍රහණය තවමත් ඡන්දදායකයාගේ පැන්සල හසුරුවන තීරණාත්මක බලවේගය බවය.දකුණ් දී රජයේ ජයග්‍රහණයට ද උතුරේදී පරාජයට ද හේතු වූයේ මෙයමය.

යුධ ජයග්‍රහණයේ ප්‍රීතිය බුක්තිවිදීමට නොව පිරබාහිරන්ගේ යකඩ සපත්තුවේ ග්‍රහණයෙන් මුදවාගැනීමේ සත්කාර්යයට කළගුණ සැලකීම සදහා ජනතාව මෙ‍ම මැතිවරණය ද ප්‍රයෝජනයට ගත්බව පෙනෙන්නට තිබේ.එසේ නොමැතිනම් රජයට විරුද්ධව ජනයා පෙලගැසීමට අවශ්‍ය උත්තේජක ඕනෑ තරම් රජය විසින්ම සපයා ඇති මොහොතක රජය ම මැතිවරණයකින් ජය ගැනීමට වෙනත් හේතුවක් තිබිය නොහැක.වෙසෙසින්ම පලාත් පාලන මැතිවරණයේ පළමු අදියර හා දෙවන අදියර අතර කාලය තුල කළඑලිබැසගත් විශ්‍රාම වැටුප් අර්බුදය, පෙට්‍රල් අර්බුදය, හෙජින් සූදුව, හා ක්‍රිකට් අර්බුදය පමණක් ම වුවද රජය ගෙදර යැවීමට කෙසේ වෙතත් රජයට ටොක්කක් ඇනීමට වත් ජනතාව පෙලබවීමට ප්‍රමාණවත් බව අපගේ හැගීමයි.කෙසේ වුව ද මෙ‍ම මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි විපක්ෂයේ දුර්වලතාව, (පුංචි ඡන්දයක් බැවින්) ඡන්දදායකයාගේ උදාසීනත්වය, රාජ්‍ය මාධ්‍ය හරහා මෝහනය වී සිටින ජනතාව ආදී හේතු ද අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.එහෙයින් තමන්ට ඡන්දය ලබාගැනීමටමෙන්න ජනතාව ඡන්ද පොල වෙත ගෙනයාම සදහා ද විපක්ෂයට අපමණ වෙහෙසක් දැරීමට අනාගතයේදී සිදුවනු ඇත.එපමණක් නොව රජය ද දැන්වත් තම වැරදි හා නොගතහොත් තීරණාත්මක මැතිවරණයක දී අවධිවන විපක්ෂ හා ජනතා බලවේග හමුවේ තියුණු අභියෝගයකට මුහුණපානු නොඅනුමානය.

මිය ගිය LTTEයේ ග්‍රහණයෙන් තවමත් උතුරේ ජනතාව ගලවාගැනීමට රජය අසමත් බව මේ මැතිවරණ ප්‍රතිඵලය පෙන්වා සිටින අනෙක් පණිවඩයයි.උතුරේ මැතිවරණය නිදහස්ව හා සාධාරණ ව පැවති බවට සාක්ශියක් ලෙස රජය මෙම පුතිඵලය හුවා දැක්වුව ද, මින් ගම්‍යවන්නේ උතුරේ ජනතාවගේ හදවත දිනාගැනීමට රජය තවමත් අසමත් බව පමණක් නොව එම ජනතාව තවදුරටත් දෙමළ ජාතිවාදීන්ගේ ග්‍රහණයේ ම සිටින බවකි.ඔවුන් ගේ ගැටලුවට දේශපාලනමය විසදුමක අවශ්‍යතව මින් යලි අවධාරණය කෙරේ.කෙසේ වුව ද එම ජනතාව මැතිවරණ ක්‍රියාදාමය කෙරෙහි විශ්වාසය තබා ඡන්ද පොලට පැමිණීම රටක් ලෙස අප සැම ලැබූ ජයක් බව කිව යුතුය.

රජය සන්ධානයකින් යුතු වුව ද සන්ධානය තුල ශ්‍රී.ල.නි.පක්ෂය තවමත් බලසම්පන්න බව ද මෙවර ප්‍රතිඵල වලින් පෙන්නුම් කළ තවත් ඉසව්වකි.කඩුවෙල මහනගර සභා ප්‍රතිඵල මීට සාක්ශි සපයයි.

පලාත්පාලන මැතිවරණය තවම නිමාවී නැත.සාම්ප්‍රදායික වශයෙන් රජයට අවාසි කොළඔ /මහනුවර මහනගර සභා ඇතුලු ආයතන ගණනාවකට තවම මැතිවරණ පවත්වා නැත.නුදුරේදීම එම මැතිවරණ ද පැවත්වීමට ඉඩ ඇති අතර ඒවායේ ප්‍රතිඵල පෙර ඒවාට වඩා තරමකින් හෝ වෙනස් වීමට බොහෝදුරට ඉඩ තිබේ.රජයට ද විපක්ෂයට ද ජනතාව දිනා ගැනීමට වෙහෙස වී වැඩ කිරීමට ඉදිරියේදී සිදුවනු ඇත.ජනතාව ලෙස අපට ඇත්තේ බලාසිටීමයි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 25/07/2011, in කාලීන. Bookmark the permalink. 1 Comment.

  1. කොලඹ නුවර ගාල්ල නම් එජාපය ඔය විදිහටම බුදියගෙන හිටියත් දිනනවා . හැබැයි එකතු වෙලා මහන්සිවෙලා වැඩ කලොත් එජාපයට තවත් මහ නගර සභා කීපයක් දිනා ගන්න බැරි වෙන්නෙ නැ . හැබැයි ඉතින් එහෙම වෙන්නේ හීනෙන් තමා

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: