තරාදිය අතට ගන්න – නිවැරදිව කිරන්න

 

බුද්ධීමත් ජනතාවෙනි, ඔබ සතුව නූලට කිරන මාහැගි තරාදියක් (තැටි දෙකේ) ඇත.පහත සදහන් දෑ තැටිදෙකේ දෙපසට දමන්න.ඉන් පසු ඉහල (හෝ පහල) යන පැත්ත කුමක්දැයි ඔබම තීරණය කරන්න.මේ අභ්‍යාසය 23 වනදා ඡන්දය ප්‍රකාශ කරන ජනතාවට සුවිශේෂ වුව ද අනෙක් අයට ද කැපයි.

සැලකිව යුතුයි.මෙහි සදහන් එක් එක් අයිතමයන්  එක සමාන ස්කන්ධකින් යුක්ත නොවේ !

1.යුද්ධය අවසන් – රට සාමකාමීයි

2.යුධ සෙන්පතියා සිර‍ගේ – ත්‍රස්තවාදීන් නිදහසේ

3.හම්බන්තොටට වරායක්

4.වරායට නැව් එන්න බෑ කලුගලක්

5.ගුවන් පාලම් හැදුවා

6.පෙට්‍රල් වල වතුර

7.ගම්වලත් කොන්ක්‍රීට් පාරවල්

8.හෙජින් සූදුවෙන් රටට පාඩුයි

9.නගරවල් පිරිසිදුයි – අනවසර ඉදිකිරීම් ඉවත්

10.රැකියා අහිමි වෙළදුන් අනාථයි

11.රටතුල අභ්‍යන්තර ගුවන් සේවා

12 වාරි ජලාශ සංචාරක ව්‍යාපාරයට – ගොවිතැන විනාශයි

13.පුද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්

14.EPF-ETF එකට විදින්න හදලා අහිංසක ජීවිතයකුත් විනාශයි

15.ජල, තාප, ගල් අගුරු විදුලි බලාගාර රැසක්

16.හොරෙන් විදුලි කප්පාදුවක්

17.සංචාරක ව්‍යාපාරයට ජයයි – රටට විදේශ විනිමය

18.රටේ වටිනා ඉඩම් කුණුකොල්ලෙට විදෙස් රටවලට

19.රටතුල ජනතාව නිදහසේ සතුටින්

20.ලසන්ත, එක්නැලිගොඩ, ඊනිවුස් ගිණිගැනීම,….. නොවිසදුනු අභීරහස්

21.සහලින් ස්වයං පෝෂිතයි – ගොවියන්ට පොහොර සහනාධාරය

22.පොහොර , සහල් වල ආසනික් කබ ඇදිල්ල ඉවරනෑ

23.2018 පොදුරදමඩුලු ක්‍රීඩා උලෙලේ සත්කාරකත්වයට සටන් වදිනවා

24.ලාභ ලැබූ ක්‍රිකට් ආයතනයත් පාඩු ලබයි

25.සරසවි නවක වදය අවසන් – විදෙස් සිසුන්ටත් අවස්ථාව

26.සරසවියට රජයෙන් නවකවදය – දේශීය සිසුන්ගේ අවස්ථා කප්පාදුවට

කාල වේලාව මදි නිසා මෙතනින් නවතිමි.තරාදියට දාන්න ඔබ සතුව ද යම් යම් දේ ඇතිබව දනිමි.උත්සහ කරන්න.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 18/07/2011, in මතවාද. Bookmark the permalink. 12 Comments.

  1. මටනම් වැඩිපුර මතක් වෙන්නේ ආණ්ඩුවේ ඈයොන්ට ඡන්දෙ නොදෙන පැත්තට බර වැඩිවෙන කාරණාම නොවැ.මොකෝ මන්දා.ඉතින් ඒවා එක පැත්තකටම බරවෙන නිසා නොලියාම ඉන්නම්.

  2. මෙන්න තරාදියට මගේන්

    01)හැම්දාම කලගුණ සලකන්න බැ ඒත්(+++)
    03)&04) ඇයි රන්මිනිතැන්න ඒකත් අසාර්ථකයිලු(—-)
    05) දෙහිවල ගුවන් පාල්මේ බර වාහන බැ , කලින් ට්‍රැක් තුනක ගියපු බස් ඔක්කොම දැන් තනි ට්‍රැක් එකේ යන්නේ(-)
    07) ක්‍රමානුකූලව කෙරෙනවා නම් හොඳ වැඩක් (++)
    09) සම්පූර්ණ ගෞරවය ගෝඨාබයට (++++)
    10) විසඳුමක් ඕනි නමුත් සියල්ල එකවර කල කරන්න අමාරුයි(N)
    11) පලදායකද …බලමු ඉස්සරහට(+)
    12) ගොවිතැනට හානි වෙනවාමද ? (N)
    13)&14) ඕක නාගත්ත වැඩක්නේ (—-)
    15)හොඳයි හැබැයි වැඩ කරන්නේ නැ (N)
    16)චාටර්(——-)
    17) අනිවාර්ය කාරණයක් (+++++++)
    18) විදෙස් රටවලට ඉඩම් දීම වැරදියි කියන්න බැ , අනික ඔයිටත් අන්ත අඩු මිලට මෙහෙ ඉඩම් විකුනල තියනව . හැබැයි ලෝකේ ඉන්න එකම අයෝජකයින් චීනය හ ඉන්දියාව නෙවෙයි . ඊට වාසි සහගත රටවල් ඉන්නවා (++)
    19)අයෙමත් කියන්නේ ඇයි ඔය පලවෙනි කාරනයම තමයි
    20) (——–)
    21)(++++)
    22)ඔය ආසනික් තියනවාය කියන බුරුන්ට පස්සට පයින් ගහල ආණ්ඩුවෙන් එලවන්නේ නැති එකයි ලොකුම වරද (—)
    23) අනවශ්‍ය වියදමක් …. දැක්කනේ ඉන්දියාවත් නා ගත්ත ලස්සන (–)
    24)(——-)
    25) කව්ද කියන්නෙ අවසන් කියල , තාම අලුත් කට්ටිය කැම්පස් ගියේ නැනේ (N)
    26) විකාරයක් (—-)

  3. මම හිතන්නෙ තැටියෙන් ධන පැත්තට වැටෙන්න ඔනෙ ඒවට අවුරුද්දකට කලින් ඡන්දය දුන්න, දැන් අලුත් ඡන්දයක් නිසා අලුත් වැඩ ටික ගැන හිතන්න වෙනව, එහෙම බැලුවම හුගක් අනිත් පැත්ත ගැන තමයි හිතෙන්නෙ ඒත් ටිකක් විත‍ර හොද පැත්ට ටිකක් ඉතුරුවෙලා තියෙනව යුද්දෙ ඉව‍ර ක‍රපු එකෙන් ධන පැත්තට ලොකු බ‍රක් එකතු වෙලා තියෙන නිසා.

    • ඔව් මලිත්, ඒකයි මම කිව්වේ හැම අයිතමයක්ම එකම ස්කන්ධයෙන් යුක්ත නෑ කියලා.මේ මැතිවරණ ප්‍රතිඵලයටත් ඕක බලපායි.හැබැයි තව කොච්චර කාලයකට ද කියන් බෑ.

  4. @Buwa අංක 01 හි ස්කන්ධය ගොඩක් වැඩියි වගේ !

  5. යුද්ධය දිනපු එක ලොකුම ලොකු දෙයක්. ඒක තරාදියේ එක පැත්තකට දැම්මම අනිත් ඒවා නොසැලකිය හැකි තරම් කුඩාය.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: