පස්චාත් යුධ මෙහෙයුමක් අවශ්‍යව ඇත

මීට වසර දෙකකට පෙර  LTTE සංවිධානය යුධමය වශයෙන් මුලුමනින්ම පරාජය කර එහි නායකයා ද මෙලොවින් තුරන් කරදමා අපේ රටට සාමය උදාකරදීමට වීරෝධාර ත්‍රවිධ හමුදාව සමගින් රටේ දේශපාලන නායකත්වයට හැකිවූ බව සත්‍යයකි.නමුත් එය අප රට මුහුණ පා සිටි දැවැන්ත අර්බුදය මුලුමනින්ම නිමා කිරීමක් නොවෙන බව ලේඛකයාගේ හැගීමයි. වෙසෙසින්ම එක රටක් තුල වෙනස් භාෂා කතාකරන, වෙනස් ආගම් අදහන, වෙනස් සංස්කෘතීන්ට අයත් ජාතීන් ජීවත් වන විට ගැටුම් ඇතිවීම ස්වාභාවයයි. අපරටේ ද ඇතිවූ එවන් අනවබෝදයක්  (විවධ හේතූන් නිසා) ආයුධ සන්නද්ධ අරගලයක් බවට පත්වූ අතර, මීට වසර දෙකකට පෙර සිදුවූයේ ජාති-ආගම් භේදයකින් තොරව මුලු රටම පෙලූ එම මිලේච්ච අරගලය නිමා වීමය.ජාතියක් වශයෙන් දැන් අප හමුවේ ඇත්තේ පෙරකී බදු ගැටුම් යලි ඇති නොවන ආකාරයට කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ අදාල විවිධ විශය ක්ෂේත්‍ර තුල සිදුකරගැනීමේ අභියෝගයයි.

අත්අඩංගුවට පත් LTTE සාමාජිකයින් පුනරුත්තාපයනය කොට සාමාජගත කිරීම මෙහි මූලික පියවරක් වියයුතුය.එමෙන්ම අවතැන් ජනතාව තම මුල් පදිංචි ස්ථාන වලම නැවත පදිංචි කිරීම ද ඉක්මනින් කළ යුතුය.නමුත් මේ ප්‍රදේශ තුල පවතින බිම් බෝම්බ ඒ සදහා භාදාවක් ව පවතින බව අපි දනිමු.මේ සමිබන්ධව රජය විවේචනය කරන පාර්ශව බිම් බෝම්බ පිලිබදව ද අවධානය යොමු කළ යුතු බවඅපගේ හැගීමයි.එබදු අනාරක්ෂිත ස්ථාන වල ජනයා පදිංචිකිරීම සිදු කළ නොහැකි බැවින් ඒ කාර්යයන් නිමවන තුරු රජයට කාළය දීමට අප ඉවසිලිවන්ත වියයුතුය.අනෙක් අතට පුනරුත්තාපනය වී සමාජගතවන ජනතාව සහ නැවත පදිංචිවන ජනතාව පිලිබදව පුවත් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කීරීමට රජය වගබලා ගතයුතුය.වෙසෙසින්ම ජාත්‍යන්තර ප්‍රජාව අප රටට අත පෙවීමට දඩමීමා කරගන්නේ මෙවන් කාරනා බැවින් අප ප්‍රවේසම් විය යුතුය. එ.ජා.සංවිධාවය දරුස්මාන් කමිටු වාර්තාව හරහා අප වෙත එල්ල කරන චෝදනා අතර මෙය ද වන බැවින් ව මේ පිලිබද වාර්තා අප දිනපතා  ප්‍රචාරය කිරීම පමණක් නොව පුනරුත්තාපන ක්‍රියාවලිය සදහා නිරීක්ෂණ මටිටමින් හෝ එවන් සංවිධාන නියෝජිතයන සහභාගී කරගැනීමට වගබලාගත යුතුය.(අඩුතරමින් නිරීක්ෂක මට්ටමින් වත්)

මෙහි තවත් මූලික කාර්යයක් විය  යුද්ධ කාලය තුල අතුරුන් වූවන් සම්බන්ධව ක්‍රියා කිරීමයි.ලේඛකයාට මෙම ලිපිය සදහා නිමිත්ත සැපයුවේ අපි ශ්‍රීලාංකිකයෝ නම් සංවිධානයක් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක ඡායාරූපයකි.කුඩා දෙමළ දැරියක් අතුරුදන් වූ තම පියා සොයා දෙන ලෙස මහින්ද මාමා (ගරු ජනපතිතුමා) ගෙන් ඉල්ලමින් පොස්ටරයක් ඔසවාගෙව සිටියාය.සමහර වට ඇයගේ පියා රජයට එරෙහි සටනේ දී මිය යන්නට ඇත.යම් අවාසනාවන්ත හේතුවකට හෝ නැතිනම් කොටි සංවිධානයේ බල කිරීම නිසා හෝ සමහර විට ස්ව කැමැත්තෙන්ම හෝ ඔහු රාජ්‍ය විරෝධියෙකු වූවා වන්නට පිලිවන.නමුත් ඒ සියල්ල දැන් අවසන්ය.රටට ද්‍රෝහියෙකු වූවාට ඇයට ඔහු ඇගේ ආදරණීය පියාමය.අපගේ ප්‍රයයන් ගෙන් වෙන් වීමේදී අප සැමට දැනෙන වේදනාව ඇයට ද දැනේ.ඇයට පමණක් නොව තම ඥාතීන් සොයා දෙන්නැයි ඉල්ලන තවත් දහස් ගණනක ජනතාවට එම වේදනාව දැනෙනවා ඇත.එනිසා පස්චාත් යුධ මෙහෙයුමේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුතේ මෙම ජනතාවට සහන සැලසීමයි.අතුරුදන් ජනතාව අත්අඩංගුවේ සිටීනම් ඔවුන් හමුවීමට ඥාතීන් ට අවස්ථාව ලබාදීම ද මිය ගොස් ඇති අය පිලිබද ව සොයා බලා ඔවුන් වෙනුවෙන් මරණ සහතික ලබාදී  වන්දි මුදලක් පිරිනැමී ද කළ යුතුව ඇත.නැති නම් තවත් කලකට පසු රජයට විරුද්ධව අවි අතට ගන්නේ මේකුඩා දරුවන් වියහැක.

එසේම ඉතාම වැදගත් කාර්යය වන්නේ මෙවන් ගැටුම් යලි ඇති නොවීම සදහා තැබිය යුතු පියවරයන් තැබීමය.ඒ දේශපාලන හා සමාජීය යන දෙයාකාරයටමය.සමහරවිට ඒ 13 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය හරහා දේශපාලන බලය විමධ්‍යගත කීරීම විය හැක.නමුත් මෙවැනි යෝජනා කඩිමුඩියේ ජනතාව මත පැටවීම (පුද්ගලික අංශ විශ්‍රාම වැටුප මෙන්) නොව සමාජය තුල කතිකාවක් නිර්මාණය කොට අති විශාල බහුතරයක ජනතාවකගේ කැමැත්ත මතම පමණක් ක්‍රියාත්මක කළ යුතුය.(උදාහරණ ලෙස පලාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දීමට ලේඛකයා ද විරුද්ධය).

එසේම දෙමළ සිංහල ජනතාව තුල එකිනෙකා කෙරෙහි ඇති සැක, බිය වැනි හැගීම් ඉවත් කිරීම සදහා ද සමාජීය වශයෙන් ක්‍රියා කළයුතුව ඇත.සන්නිවේදන භාදකය ජාතීන් අතර සමගියට ප්‍රභල අභියෝගයක් ව පවතින බැවින් එය බිද හෙලීම සදහා අප සැම කැපවීමෙන් ක්‍රියා කළ යුතුව ඇත.මේ සදහා සිංහල ජනයාට දෙමළ බස ද දෙමළ ජනයාට සිංහල බස ද ඉගෙන ගැනීමට සැලැස්විය යුතුව ඇත.මෙ ඇරඹිය යුතු වන්නේ පාසල් වලිනි. අප රටේ ජාතික භාෂා 3 වන සිංහල, දෙමළ හා ඉංග්‍රීසී සෑම පාසල් සිසුවෙකුටම ඉගෙනීම අනිවාර්ය කළ යුතුය.

මෙවන් පස්චාත් යුධ මෙහෙයුමක් මගින් රටතුල ස්තීරසාර සාමයක් ස්ථාපනය නොකළහොත් ඉන් වාසි ලබන්නේ සැමවිටම කුඩා රටවල අභ්‍යන්තර ගැටුම් වලට ආක්‍රමණකාරී ලෙස මැදිහත්වන බලවත් රටවල් බව අප අමතක නොකළ යුතුය.හබන් කුකුලන්ට රජ මගුල් කෑමට අප ඉඩ ලබාදිය යුතුනැත.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 13/06/2011, in සමාජීය. Bookmark the permalink. 8 Comments.

  1. මෙම ලිපිය සම්පූර්ණයෙන්ම බුද්ධිමය සොරකමකි. අවම වශයෙන් මෙම අගනා අදහස් වල මුල් රචකයා පිළිබඳව ස්තුතියක් පළ කිරීමට තබා ඔහුගේ නම සඳහන් කිරීමටවත් ජයශ්‍රී කාරුණික වී නොමැත. ලංකාව තුල අන්තර්ජාලය පරිහරණය කරන විශාල පිරිසක් මේ වන විටත් කියවා ඇති මෙන්ම ප්‍රසිද්ධ විද්වතෙක් විසින් සකස් කොට පබ්ලිෂ් කරන ලද මෙම අදහස් ගෙඩි පිටින් උපුටාගෙන පළකිරීමට පෙර ජයශ්‍රී මේ පිළිබඳව දෙවරක් සිතිය යුතුව තිබිණි.

  2. චාමි, මට කියනවද කවුද ඒ විද්වත් ලේඛකයා කියල.

  3. ඉතිං ඔය විද්වතා තමා දරුස්මාන් ගොයියා. ඒ විද්වතා ඕක ඉංග්‍රීසියෙන් ලිව්වේ. අපි ඉතිං බැරි බැරි ගානේ සිංහලට පෙරලගත්තා.

    මට කියන්න ඕනෙ ජයශ්‍රී දරුස්මාන් වාර්තාවෙ මේ නිර්දේශ සේරම වගේ තියෙනවා. අපි ඒක ගෙඩි පිටින් ප්‍රතික්ෂේප කලාට වඩා බුද්ධිමත් සංවාදයකට බඳුන් කලානම් වැදගත් කියන එක.

    • අම්මේ………. දැන් තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ.

      මම ඔබත් සමග එකගයි මිත්‍රයා. දරුස්මාන් වාර්තාව මුලුමනින්ම ප්‍රතික්ෂේප නොකර සාකච්චාවට බදුන් කිරීම තමයි අප ඇත්තටම කළ යුත්තේ.

      අදහස් දැක්වීමට ස්තුතියි!

  4. ඇත්ත ,ඕක දැක්කේ නෑ වගේ නොඉඳ සාකච්ඡා කලානම් රටට ගන්න තිබුනා වැඩි වාසියක්.උවමනාව තියෙන්නේ ඒක පරිපාලනයකරගන්න දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයන් උවමනාවෙනවා.අවාසනාවට තියෙන්නේ දැන් කදිරගාමර් මහත්තයා වගේ ගනුදෙණු කරන්න පුලුවන් ඈයෝ මේ ආණ්ඩුවේ නැතිකම.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: