මොහාන් සමරනායක මහතා වෙත ලිපියක්

පළමුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් වීම පිලිබදව ඔබතුමාට හදවතින් ම සුභ පතමු.

ඇත්තෙන්ම මෙවන් ලිපියක් ඔබතුමා වෙත ලිවීමට අප පෙළබවූ කාරණය ද එයමය.ඔබ ලංකාවේ බහුතර ප්‍රේක්ශක පිරිසකගේ දෑස් සහ දෙසවන වෙත ලගාවිය හැකි ප්‍රභල ජනමාධ්‍යයක නියමුවා වීම ඇත්තවශයෙන්ම ප්‍රේක්ශකයන් වන අප ලැබූ භාග්‍යයක් ලෙස සලකමු.ජනමාධ්‍යය තුලින් ම අප හදුනාගෙන ඇති පරිදි ඔබ අර්ථීක විද්‍යාව මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ද ප්‍රාමාණික බුද්ධිමතෙකි.මධ්‍යස්ථ විචාරකයෙකි.රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යයන් හි අත් දැකීම් බහුල  වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මාධ්‍ය වේදියෙකි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ඒකකය භාරව කටයුතු කළ ජාත්‍යන්ර වශයෙන් ද නිපුන මාධ්‍යයවේදියෙකු වන  ඔබතුමාට රූපවාහිනී සභාපතිවරයා ලෙස ක්‍රියා කළ යුතු ආකාරය ගැන කියා දීමට අපි කිසිසේත් ම තරම් නොවෙමු.

නමුත් හුදීජන ප්‍රේක්ශකයන් ලෙස ජාතික රූපවාහිනියෙන් බලාපොරොත්තුවන්නේ කුමක් දැයි සටහන් කිරීම වරදක් නොවේයයි හගින බැවින් මෙවන් ලිපියක් ලියමු.

ජනමාධ්‍යයක වැදගත්ම ලක්ෂණය වියයුත්තේ මධ්‍යස්ථ බව  එසේත් නැත්නම් සමබරබව යයි සිතමු.අපගේ ජාතික රූපවාහියේ නැත්තේ ද එයයි.කිසිදු රටක රජයට හෝ පුද්ගලික අංශයට අයත්  කිසිදු ජනමාධ්‍යයක් 100% ක් අපක්ෂපාතීව මධ්‍යස්ථව කටයුතු නොකරන බව සැබෑය.නමුත් ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන රජයට අයත් ජනමාධ්‍යයක් වත් යම් දුරකට හෝ අපක්ෂපාතීව තම මාධ්‍යය හැසිර විය යුතු නොවේද? රූපවාහිනිය රජයේ (හෝ පාලක පක්ෂයේ) ප්‍රවෘත්ති වලට, ක්‍රියාකාරකම් වලට ප්‍රමුඛතාව දුන්නට කමක් නැත්.නමුත් විපක්ෂයේ අනෙක් පක්ෂවලට ද සාධාරණ ඉඩක් වෙන් කිරීමට වග බලා නොගෙන මාධ්‍යය කටයුතු කිරීම නිසා සිදුවන්නේ ‍ප්‍රේක්ෂකයා මාධ්‍ය තුලින් ඈත් වීම ම පමණකි.අනෙක් අතට පාලුගෙයි වලං බිදින්නාක් මෙන් පිලිතුරු දීමට අවස්ථාව අවුරා විපක්ෂය විවේචනය කිරීම සාධාරණ නොවන අතරම ප්‍රේක්ෂකයා තුල පිලිකුල මෙන්ම අප්‍රසාදය දනවන බව සිහිතබාගතයුතුය.රූපවාහිනිය තුලදීම විදෙස් විත්ති විචාරයේ දී ඔබතුමා දැක්වූ මධ්‍යස්ථ භාවය සමස්ථ රූපවාහිනිය තුලට ද ගෙන ඒමට හැකිවේ වා යයි අපි බලා පොරොත්තු වෙමු.

ජපානයෙන් තිළිණයක් ලෙස මෙරටට ලැබුණ රූපවාහිනිය අධ්‍යාපන වැඩසටහන් වලට වැඩිපුර නැබුරු වන ලෙස මුල් කාළයේ ක්‍රියා කළ බව අපට මතකය.නමුත් අද වන විට පුද්ගලික නාලිකා එම කාර්යයට අතගසා ඇත්තේ  ජාතික රූපවාහිනිය තමාගේ එම ජාතික යුතුකම පැහර හරින නිසා දැයි අපට සැකයක් මතුව තිබේ.(පුද්ගලික මාධ්‍ය අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමේ  වරදක් ඇතැයි මින් කිසිසේත් ම අදහස් නොකෙරේ).විධීමත් මෙන්ම නොවිධීමත් අධ්‍යාපනික වැඩසටහන් හරහා සිසු ප්‍රජාව ඇමතීම ජාතික රූපවාහිනියේ පරම යුතුකමකි.අතීතයේ වාර්තාමය වැඩසටහන් (Documentary programs) හරහා පොදුජන බුද්ධීයේ නිම් වළලු පුලුල් කළ රූපවාහිනිය වත්මනේහි ද ඒසදහා උත්සුක වියයුතුමය.

අතීතයේ අප දුටු “ගණු දෙණූ” වැනි රසවත් හරවත් අධ්‍යාපනික වැඩසටහන්, තොටවත්තයන්ගේ “සිප්යුරු රසාර” වැනි වැඩසටහන් අද කෝ?පාසල් නිවාඩු සමයේ විකාශය වූ අධ්‍යාපන විකාශයට වූයේ කුමක්ද?

විශේෂයෙන් ළමා ආකල්ප වර්ධනයට රූපවාහිනියට කළහැකි කාර්යය විශාලය.උදාහරණයක් ලෙස ලේඛකයා ළමාවියේ රූපවාහිනියෙන් දුටු  “මොනවද මුත්තේ මොකද කරන්නේ? ” වැනි ගීත අද දින ප්‍රචාරය වනු දක්කනට නොලැබෙන්නේ මන්ද යන්න විශාල ගැටලුවකි.

අතීතයේ මෙන්ම අද ද ජාතික රූපවාහිනිය දක්ෂ නිර්මාණ ශීල්පීන්ගේ තෝතැන්නක් බවට පත්විය යුතුයයි හගිමු.විදෙස් නාලිකාවල හෝ පුද්ගලික නාලිකා වල විකාශය වූ වැඩසටහන් එලෙසම අනුකරණය කොට ඉදිරිපත් කිරීමක් නොව නැවුම් නිර්මාණ ජාතික රූපවාහිනිය තුලින් බිහි වේයයි අපි බලාපොරොත්තු වෙමු.ප්‍රේමකීර්ති ද අල්විස්, ටයිටස් තොටවත්තයන්, ලූෂන් බුලත්සිංහල, සෝමවීර සේනානායක, නලීන් කරුණාරත්න, රොස්මන්ඩ් සේනාරත්න, ජයන්ත චන්ද්‍රසිරි,  (තවත් බොහෝයි) වැනි කළාකරුවන්ට ද ඔවුන් ගේ නිර්මාණ වලට ද අවකාශය රූපවාහිනිය තුල ලැබිය යුතුය.අනෙකුත් නාලිකා වලට පරදමාදර්ශ සපයන මුල් ගුරු බවට පත්වියයුතු වන්නේ ද ශ්‍රව්‍ය ද්‍රශ්‍ය මාධ්‍යයයේ ප්‍රමිතීන් බිහිකළ යුත්තේ ද ජාතික රූපවාහිනිය බව අපගේ විස්වාශයයි.

රටේ අතිමහත් බහුතර ප්‍රේක්ෂකයන්ගේ අහිංසක පැතුම මෙය බව අපගේ හැගීමයි.මෙම උත්තරීතර කාර්යය ඔබතුමාට සිදුකළ හැකි බවට අපට හොද විශ්වාසයක් ඇත.එය යථාර්තයක් කිරීමට ඔබතුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා!

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 07/06/2011, in සමාජීය, සාහිත්‍යය/කළා. Bookmark the permalink. 8 Comments.

  1. මාරයාගේ හෝරාව...

    ඇත්තටම මුළු ජාතියම කරන්න ඕන ඉල්ලීමක් ජයශ්‍රී මේ කරලා තියෙන්නේ..අර ගනුදෙනු කිව්වේ ඩොලර් එකක් උඩ සුදු පාට බිල්ලෙක් වගේ පාවෙලා යන ගමන් ආර්ථික විමසුමක් කල වැඩ සටහන නේද..?

  2. ඔව්. ආර්ථීක විද්‍යාව වගේ විශයක් සරලව කියාදුන් ඒ වගේ වැඩසටහන් හරිම රසවත් නේද?

  3. ඔය ලිපියට මගෙ අත්සනත් දානව . හැබැයි මැත කාලයේදී නම් මොහාන් මහත්තයගෙ විචාර පවා අන්තවාදියි

  4. හොඳ ලිපියක් . . ඇත්තෙන්ම මේකේ පිටපතක් අරගෙන දිවයින හරි ලංකාදීප වගේ ජාතික පුවත්පතකට යවන්න . . කොපියක් මොහාන් මහත්මයටම යවන්න ඇහැක් නම් තවත් හොඳයි . . අර මාතලන් බ්ලොග් එකේ ලිපියත් ඒකටම එකතු කරනවනම් තවත් හොඳයි . .

  5. මෙයත් පොඩි මල්ලක් එහෙම අරගෙන ටෙම්පල් ට්‍රිස් පැත්තෙ එහෙම බඩගානව. මගෙත් පොඩි බලාපොරොත්තුවක් තියෙනව

  6. @ බුවා – ස්තුතියි අදහස් දැක්වීමට.

    @දුකා – ස්තුතියි, ඔබේ යෝජනාව සලකා බලන්නම්.

    @මාතලන් – මම නම් ඔය කාරණය දන්නේ නෑ.හැබැයි ඇත්ත වෙන්න පුලුවන්.රජයේ සංස්ථාවක සභාපති කම ලැබෙන්නේ සුදුසුකම් වලට විතරක්ම නෙවෙයිනේ.හැබැයි මෙතුමා මේ තනතුරට 100%ක් ම සුදුසුයි කියල හැමෝම එකග වෙයි.

  7. මොහාන් මහත්තය සමහර විට එයාට තියෙන හොඳ ප්‍රතිරූපය විනාශ කරගනියිද දන්නෙ නෑ මේ පට්ටම නිසා. මොනව වුණත් අපි බලාගෙන ඉමු!

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: