රජය ජනතා අප්‍රසාදයට ?

යෝජිත පුද්ගලික අංශ විශ්‍රාම වැටුපට විරෝධය පෑ රොශේන් චානක නම් කටුණායක ආයෝජන කලාප සොයුරා පොලිස් වෙඩි පහරින් මියයාම අපි දැඩි ශෝකයෙන් යුතුව හෙලා දකිමු.මෙම සිද්ධිය ප්‍රමුඛ පුද්ගලික අංශ විශ්‍රාම වැටුප හා සම්බන්ධ සමස්ථ ක්‍රියාවලියම රජයට ජනතා සහය අහිමිකරවන්නක් බව නොකියා බැරිය.සේවකයන් නොඉල්ලූ විශ්‍රාම වැටුපක් ඔවුන් මත බලෙන් පටවන්නට යාම ද එම විශ්‍රාම වැටුප සේවක සුභසාදනය අරමුණු කර සකසන ලද්දක් නොවන බව පෙනීම ද  මේ සියල්ලේ ආරම්භයයි. රාජ්‍යය අංශයේ සේවකයන්ට මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන්ට ද විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට ලැබීම අගය කළ යුත්තකි.නමුත් රජය විසින් මෑත කාලයේ ඉදිරිපත් කරණ ලද කෙටුම්පතට අනුව මෙම විශ්‍රාමය සැකසෙන්නේ නම් එය ලැබෙනවාට වඩා නොලැබීම වඩාත් හොදය.මක් නිසාද එවිට අඩුවශයෙන් සේවකයාට වෙනදා මෙන් අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිශෝතිතය වත් ඉතිරිවන බැවිණි.නව යෝජනා ක්‍රියාත්මක වූයේ නම් විශේෂයෙන් වසර 10 කට අඩු සේවා කාලයක් ඇත් සේවකයන්ට තම වැටුපෙන් කපාගත් 2% සහ අනෙක් අරමුදල් වලින් ගත් මුදල් ද (මුලදී 100%ම ද පසුව සංශෝධිත යෝජනා අනුව 40% ක් ද) අහිම් වීමේ අවධානමක් පැවතිණි.

මෙවන් පරිසරයක සේවක සහෝදරයන්ට මෙම සමස්ථ යෝජනාවලිය ම තමන් දුක්මහන්සියෙන් උපයාගත් දේ මංකොල්ල කෑමට ගන්නා උත්සාහයක් යයි පෙනීම පුදුමයක් ද නොවේ.එසේම එවන් යෝජනාවකට එරෙහිව ඔවුන් වීදි බැසීම අරුමයක් ද නොවේ. කම්කරු ඇමති තුමා දුර්මුඛ කරමින් කටුණායක සේවක හමුවේදී ඔවුන් පැවසූ පරිදි සේවක වැටුප් රුපියලකින් හෝ නැංවීමට හාම්පුතුන්ට බලපෑම් නොකරණ එසේ කළ නොහැකි රජය සේවකයා ගේ කැමැත්ත අකමැත්ත නොවිමසා මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන් බලහත්කාරයෙන් දායක කරගැනීමට යත්ත දැරීම  බලවත් අසාධාරණයකි.මෙවැන්නකට එරෙහිව ජනතාව පෙලගැස්සවීම ඕනෑම දේශපාල කණ්ඩායමකට මහ අසීරු කරුණක් නොවේ.මක්නිසා ද සෘජුවම තම සාක්කුවට බලපාන කරුණක් සම්බන්ධයෙන් සියලු ජනතාව අතිශයින් සංවේදී වන බැවිණි.ජනතාව කුපිත කරවීයයි විවිධ දේශපාලන කණ්ඩායම් වෙත එල්ල කරනු ලබණ චෝදනා අවලංගු වන්නේ එබැවිණි.

තම සහ සහෝදර සේවකයන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවිය කැප කළ සොයුරාට සහ තුවාල ලද අනෙක් සොයුරු සොයුරියන්ට ඉක්මනින් රජයේන සාධාරණය ඉටුවිය යුතුය. ඒ කෙටිකාලීන වශයෙනි. ඊට අමතරව රජය විසින් දැන් කළයුතුව ඇත්තේ  පුද්ගලික අංශ සේවක විශ්‍රාම වැටුප් යෝජනාවලියක් සෑදීම සදහා සද්භාවයෙන් යුතුව අවතීර්ණ වීමය. මෙහි අනිවාර්ය මූලික පියවර වියයුත්තේ ඉන් ප්‍රතිලාභ ලැබීමට නියම්ත සේවක කොටස් සමග සාකච්චා කොට ඹවුන්ගේ අදහස් ඒ සදහා ලබාගැනීමයි.එමෙන්ම රටේ අනෙකුත් විද්වත් පාර්ශව වලින් ද මේ සදහා යෝජනා ලබාගත යුතුය.

එසේ නොකළහොත් සිදුවන්නේ රජය ගොඩනැංවීමට ද පවත්වාගෙන යෑමට ද යෝධ බලයක් සැපයූ ජනතා කොටස් ක්‍රමයෙන් රජයේ ඇගිලි අතරින් ගිලිහී යාමය. කාලයක් තිස්සේ වේලී වේලී සිටින දේශපාලන කණ්ඩායම් එසේ ගිලිහෙන ජනතා කොටස් තම ග්‍රහණය නතු කරගැනීමට සැදී පැහැදී සිටිති. ඔවුන්ට බොරදියේ මාලු බෑමට අවස්ථාව නොදී තම මිතුරු ජනතා බලය තමන් සතුවම තබාගැනීම දැන් රජය හමුවේ ඇති ප්‍රබල අභියෝගය බවට පත්ව ඇතිබව කීම අතිශයෝක්තියක්නොවේ. මක් නිසාද යත් කිසිදු පාලනයකට ජනතා සහයෝගය නොමැතිව පැවතිය නොහැකි බැවිණි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 02/06/2011, in කාලීන. Bookmark the permalink. 8 Comments.

  1. මාරයාගේ හෝරාව...

    100% ක් එකඟයි…

  2. පෑහෑදිලිවම කතාවට 100% එකගයි………

  3. ඔව්. ඇත්ත තත්වය ඒකයි. මේ මගින් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වීමත් ඔබ කිවූ පරිදිම නන්නත්තාර වී සිටි විපක්ෂයට පණක් ලැබීමත් විතරයි සිද්ධ වෙන්නේ.

  4. ඇයි ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙන එක ගැන දුකද ????

    • මොන රජයක් උනත් අප්‍රසාදයට පත්වෙන්නේ ජනතා විරෝධී වැඩ කළොත් විතරයි.ඒක නිසා ඔබේ පැනයට මගේ පිළිතුර “ඔව්” යන්නයි.

  5. @අසංක, ඉස්තෝප්පුව – ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට

  1. Pingback: රජය ජනතා අප්‍රසාදයට ? | අවකාශය

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: