සාජහන්, කාශ්‍යප හා (නොනිමි) තවත් කතාවක්

පහත ඉතා සැකෙවින් දක්වා ඇත්තේ කතන්දර 3කි.මින් එකකවත් සත්‍ය අසත්‍යතාව පිලිබදව මේඝය වගකියනු  නොලැබේ.

අංක 1.

භාරතයේ සාජහන් නම් රජෙක් රාජ්‍ය විචාලහ.ඔහුගේ දේවිය මුන්ටාස් මහල් නම් වූවාය.රජු තම දේවියට පණ මෙන් ආදරය කළේය.නමුත් ස්වාභාවධර්මයේ නියමයන්ට අනුව දිනක ඇය මෙලොව හැර ගියාය.ප්‍රිය වියෝගයෙන් පීඩිත සාජහන් තම සොව තුනීකරගැනීමට මගක් සෙවීය.ටජ්මහල් නම් ලොව සුපතල ආදරයේ සිහිවටනය බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.තනිකර කිරිගරුඩ පමණක් යොදා කරණ ලද මෙම සුවිසල් නිමැවුම පසු කලෙක ලෝක පුදුම 7ට ද එක් වීමෙන් එහි ඇති විශිෂ්ඨත්වය පැහැදිලිවේ.මෙවන් නිමැවුමක් කළ නිමැවුම් ශිල්පියා විශ්වකර්මයෙක් ම වියයුතුය.ඔහුට තම රජුගෙන් කොපමණ තුටු පඩුරු,කීර්ති ප්‍රශංසා හිමිවියයුතුද?නමුත් අවාසනාවට තවත් මෙවන් නිමැවුමක් ඔහු අතින් නිමවේ යයි බිය වූ රජු ඔහු අන්ධ කළේ ලු.

අංක 2.

කාශ්‍යප නම් රජෙක් මෙරට වාසය කළේය.යම් අවාසනාවකට පීතෘ ඝාතකයෙක් වූ ඔහු තම බාල සොයුරු තමා පසුපස එතැයි බියෙන් රටේ අගනගරය වූ අනුරපුරයෙන් පිට බලකොටුවක් තනවා වාසය කලේය.සීගිරිය නම් මෙම බලකොටුව ද අසමසම නිර්මාණයකි.ස්වාභාවික ශේෂ කන්දක් වූ සීගිරි කන්ද  තුල බලකොටුවක් ඉදිකර,රජමාළීගයක් ද කරවා,ජලය සම්පාදනය කර විශීෂ්ඨ කළාගාරයක් ද ඒ තුල කරවූ නිර්මාණ ශිල්පියා කවර නම් දක්ශයෙක් ද?ඔහුට තම රජුගෙන් කොපමණ තුටු පඩුරු,කීර්ති ප්‍රශංසා හිමිවියයුතුද?නමුත් අවාසනාවට තවත් මෙවන් නිමැවුමක් ඔහු අතින් නිමවේ යයි බිය වූ රජු ඔහු දෑත් කපාදැමුවේලු.

අංක 3.

එක්තරා රටක රජෙක් විසීය.ඔහුට බරපතල අන්දමේ පරසතුරු උවදුරකට මුහුණදීමට සිදුව තිබිණි.ඔහු සහ ඔහුගේ යටත් වැසියන් දිගුකාළයක් තිස්සේ මිලේච්ච ආක්‍රමණිකයකුට එරෙහිව නොනිමි සටනක නිරතවෙමින් දැඩි පීඩනයකින් සිටියහ.නමුත් මෙම මිලේච්ච ආක්‍රමණිකයා මුලුමනින් ම පරාජය කීරමේ දැඩි අධිෂ්ඨානයක් රජුට තිබිණි.ඔහුට රණකාමී සෙන්පතියෙක් ද ලැබිණ.සියල්ලෝම එකාවන්ව පොදු සතුරාට එරෙහිව යුධවැදිණි.අවසන් තීරණාත්මක සටන ඇරබිණ.සෙන්පතියා රණ බිම පුරා අණසක පතුරුවමින් පිලිමල් බලකොටු එකින් එක බිදහෙලමින් ජයග්‍රාහීව ඉදිරියට ගියේය.රජු යුධ බිම ද ඉන් පිටත ද සෙන්පතිට යුද්ධයට වුවමණා දේ සපයමින් සංග්‍රාම විජයග්‍රහණයට පාරකැපීය.සැවොම නෙත් අයා බලාසිටි ජයග්‍රාහී මොහොත උදාවිය.ජන පීඩක ආක්‍රමණිකයාගේ ඔද තෙද සිදිමින් ඔහු රණබිම දීම ඝාතනය කර ජයග්‍රාහීව යුද්ධය නිමා කිරීමට සෙන්පති සමත්විය.

රජුගේ මෙන්ම සෙන්පතිගේ ද කීර්තිය දසත පැතිරෙන්නට විය. සෙන්පතිට තම රජුගෙන් කොපමණ තුටු පඩුරු, කීර්ති ප්‍රශංසා හිමිවියයුතුද? මුල් කතා දෙකට වඩා මෙහිදී කතාව තරමක් වෙනස්ය.ජයග්‍රහණයෙන් ටිකකලක් ගතවනතුරු සෙන්පති රජුගෙන් දහසින්බැදි පියලි ලැබීය.නමුත් කාළයාගේ ඈවෑමෙන් රජතුල මුල්කතා දෙකේ රජවරුන්ට ඇතිවූ ආකාරයේ හැගීමක් යමකු විසින් ඇතිකරන ලදී.රජු තමා ගේ දෑස අන්ධ කරතියී හෝ දෑත් කපාදමතැයි අස්ථාන සැකයක් සෙන්පති තුල ද  ඊට සමාන්තරව ඇතිවිය.මේ හැගීම් වල අවසාන ප්‍රතිඵලය වූයේ රජකම පතා සෙන්පති රජුට එරෙහිව සටන්වැදීමය.(ඉතිරිව සිටි රජුගේ ද සෙන්පතිගේ ද පොදු සතුරන්, මිතුරු වෙස්ගෙන මෙම ගින්නට හොදින් පිදුරු දැමීය).

ජනතා සහය ද මනාව ලැබ රජු සටන ජයගත්තේය.ජයගත් විගස රජු තම කළණ මිතුරු සෙන්පතිගේ දෑස් අන්ධ කළේවත් දෑත් කපා දැමුවේවත් නැතිමුත්  රාජද්‍රෝහී චෝදනා මත සෙන්පති දගගෙයි ලූවේය .

1 හා 2 කතා අවසන් වුව ද 3 වන කතාව තවම අවසන් නැත.එය කෙසේ වේදැයි ඔබට සිතන්නට පුලුවන්ද?

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 29/05/2011, in Uncategorized. Bookmark the permalink. 14 Comments.

  1. මාරයාගේ හෝරාව...

    අතීත කතා වස්තුවලත් තිබුණද දන්නේ නැහැනේ..අපි නොදන්න අතුරු කතා..ඒත් අද අපි දන්නේ අවසානයේදී වූ දේ විතරයි…
    මේ කතාවත් එහෙමම වේවි…

    • සමහරවිට වෙන්න පුලුවන්.මට හිතෙනව මේ හැමකතාවකම අපි ප්‍රේක්ෂකයෝ විතරමයි කියල.

      ස්තුතියි මාරයියේ ඔබේ අදහස් දැක්වීමට.

  2. ඇත්ත අපි ප්‍රේක්ෂකයෝ තමා… ඒත් නාට්‍යය පෙන්නන්නේ අපේම රඟමඩලේ… ඒක නිසා මොනා වේවිද කියන එක අපිටත් වැදගත් වෙයි…

  3. මේ කථා තුනේම තියනවා තවත් සමානකමක්.මේවැනි සිද්ධීන් සිදුවෙන වැඩවසම් යුගයේ පාලනය යටතේ තියෙන සමාජයක සමානකම.

    • ඒකට නම් එකගවෙන්න අමාරුයි.දියුණු සමාජයකටත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකටත් මේවා ගැලපෙන්නේ නම් නෑ තමයි.ඒත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උනත් මෙවන් දේ සිදුවිය හැකියි.

  4. වැඩවසම් යුග වලදි ඉතාම සාමාන්‍ය දේවල් ප්‍රජාතන්ත්වාදී රාමුවක් ඇතුලෙදි සිද්ද වෙන එකයි කණගාටුව . රජු-සෙන්පති ගැටුම වැඩවසම් යුගයෙදි වලක්වා ගත්තේ තමන්ගේ සහෝදරයෙක් , ඥාති සහෝදරයෙක් , මස්සිනා මගෙ කෙනෙක් සෙන්පති තනතුරට පත් කරලාය කියල මම අහල තියනව (හැබැයි උනුත් අනික් පැත්ත ගහපු වෙලාවල් තියනවාලු )

    • සමහරවිට තාමත් ගතකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ළදරු විය වෙන්න ඇති.

      පරිනත වෙන්නේ කවදද?

  5. ``Outsider``

    කතාව ඉක්මණට අවසන් වෙයි. කලින් කතා දෙකේදී වගේම.

    ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය ව්‍යවස්තාගත කර ප්‍රජාතන්ත්‍රවාදීන් යැයි කියාගැනී‍මෙන් පමණක් සැබවින්ම ප්‍රජාතාන්ත්‍රි නොවේ. වචනයට මුවාවී වැඩවසම් ක්‍රමය පවත්වාගෙන යන්නේනම් එයද රැවටීමක් පමණකි.

  6. මම අද තමයි ජයශ්‍රී ගේ බ්ලොගයට මුලින්ම ආවේ…හැබැයි ඇට මැස්සාගෙ බ්ලොගය නිසා ඔයා ගැන දැන ගෙන නම් හිටියා.. මේ ලිපිය නම් සිරා හොඳේ.. සෑහෙන්න වටින ලිපියක්..

  7. මටනම් හිතෙන විදිහට කතාව යන්නේ මෙහෙමයි. තව ටික දවසකින් මිනිස්සුන්ට යුද්ධයක් තිබුනද කියලවත් මතක නැතුව යනවා. ඊට පස්සේ සෙනෙවි තුමාට පමණක් නොවේ රජාටත් තමුන්ගේ යුද්ධය ඡන්දය සඳහා පාවිච්චි කරන්න බැරි වෙනවා. දැන් සෙනෙවි තුමාව බලන්න සිපිරි ගෙට නිතර ගාටන ජේ. වී. පී. සහ යූ. එන්. පී. එකේ කට්ටිය තමුන් යන වාර ගාන අඩු කරනවා. ඊට පස්සේ සෙනෙවි තුමාට ඉන්නේ නෝනා විතරයි. රජතුමාට හිතුනොත් සෙනෙවි තුමා ලෝකෙට ගතු කියන එකක් නැහැ කියලා හොඳ වෙලාවක් බලලා නිදහස් කරන්න ඉඩ තියෙනවා.

  1. Pingback: අවකාශය » Blog Archive » සාජහන්, කාශ්‍යප හා තවත් නොනිමි කතාවක්

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: