කුස රජු ශ්‍රී ලාංකික ද?

“පරසිදු                         මෙමිහිතල

මදුරට  පුරෙහි                     සාගල

මදුරජුට                           බෝබල

දුවක් ඇත පබවත නමින්        දුල”

කුස ජාතකය පදනම් කරගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කුස පබා නමින් සිනමා නිර්මාණයක් කරණ බවට මාධ්‍ය වාර්තා පලවිය. සුනිල් ආරියරත්නයන් බදු ප්‍රතිභාපූර්ණ සිනමාවේදියෙකු විසින් එවන් කතාපුවතක් සිනමාවට නැගීම මහත් ප්‍රහර්ශයකි.එමෙන්ම මෙම නිර්මාණයේ තිරපිටපත තිස්ස අබේසේකරයන්ගේ වීම සිනමා ලැදි ප්‍රේක්ෂකයන්ගේ අමන්දානන්දයට හේතු වූවා නිසැකය.එමෙන්ම මෙහි කුස රජුගේ චරිතය නිරූපනය කරන්නේ සම්මානනීය රංගන ශීල්පියකු වන ජැක්සන් ඇන්තනීය.ජැක්සන් ගේ රංගන ප්‍රතිභාව මෙරට වේදිකා, රූපවාහිනී, සිනමා රසිකයන්ට රහසක් නොවේ. රිදීතිරය තුල ගරිල්ලා මාර්කටින්,අග්නිදාහය, අස්වැසුම,වැනි සිනමාපට වල ඔහුගේ රංගනය අසමසමය.

නමුත් කණගාටුවට හේතුව නම් මෑත සිංහල සිනමාවට නිර්මාණවලට වැලදෙන ඇති අභාග්‍ය සමපන්න රෝගයක් මෙම චිත්‍රපටයට ද වැලදීමය.එනම් ප්‍රධාන නිලිය විදේශයකින් ආනයනය කිරීමයි.මෙහි ප්‍රධාන චරිතය වන රූමත් පබාවතී කුමරියගේ චරිතය නිරූපනයට තෝරා ගෙන ඇත්තේ ඉන්දියානු නිළියක වන පූජා උමාශංකර්ය.ඇයගේ රංගන ප්‍රතිභාව පිලිබදව අපට ගැටලුවක් නැත.නමුත් මෙම චරිතය නිරූපනයට තරම් දක්ශතාව ඇති ගැලපෙන නිලියක සිංහල සිනමාවෙන් සොයාගන්නට බැරිවීද? පබාවතී චරිතයට පණ පෙවීමට සුදුසු නිලියන් දුසිමකගේ පමණ නම් ලේඛකයා ගේ මතකයට එයි.සිනමා නිර්මාණ බිහිකිරීම අතින් සංඛ්‍යාත්මකව ඉන්දියාව අහලකටවත් පැමිණීටම අසමත් (එමෙන්ම සාපේක්ෂව කුඩාම ප්‍රේක්ෂාගාරයක් හිමි) සිංහල සිනමාව තුල ද ප්‍රධාන චරිතයක් රගපෑමේ වරම සිංහල නිලියකට අහිමි වීම ඛේදවාචකයක් නොවේද?

පූජා ඉන්දියානු වීම ඈ මෙම චරිතයට තෝරා ගැනීමට හේතුවක් වූබව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මාධ්‍යට පවසා තිබුණි.ලේඛකයා ගේ ගැටලුව මෙයයි.කුස රජු ඇතුලු මෙම කතා පුවතේ සියලු පාත්‍රවර්ගයා ඉන්දියානුවන්ය.ඇයි එසේ නම් පබාවතී සදහා පමණක් ඉන්දියානු නිලියක තෝරා ගත්තේ?

ශ්‍රී ලංකාවේ කිසිදු ක්ෂේත්‍රයකට ඉන්දියානු හස්තයෙන් බේරීමට බැරිද?

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 22/05/2011, in කාලීන, මතවාද, සාහිත්‍යය/කළා. Bookmark the permalink. 11 Comments.

  1. හේතුව ඉන්දියානු විම නම් ඒක මැටි මෝල් හෙතුවක් .. ඒත් ඔය චරිතයට ගන්න තරම් නිලියක් ලංකාවේ නැ . එහෙම නම් අලුතෙන්ම කෙනෙක් හොයා ගන්න වෙනව

    සංඛ්‍යාත්මව විතරක් නෙවෙයි නිර්මාණාත්මක වත් අපේ අය ඉන්නෙ ගොඩක් පහලින් . සම්භාව්‍ය නිර්මාන වලදී අපි ටිකක් ඉදිරියෙන් හිටියත් , සරල් නිර්මාන වලදි ඉන්දියානුවන් දක්වන නිර්මානාත්මක ලක්ෂනවලින් 1/4 තියන චිත්‍රපටියක් මම තාම දැකල නැ (මෙතන මම අදහස් කරන ඉන්දියානු සිනමාව බොලිවුඩය දකුණු ඉන්දියානු සිනමාවන් නෙවෙයි )

    අන්තිම ප්‍රශ්නෙට උත්තරේ – අපිට ඉන්දියානු හස්තයෙන් මිදෙන්න බැ , ඒත් උප්ක්‍රමශීලීව අපිට වාසි සහගත විදිහට යොදා ගන්න පුලුවන් වෙයි ට්‍රය් එකක් දුන්නොත්

    • හිංදි වාණීජ සිනමාව සහ ලාංකීය වාණජ සිනමාව ගැන ඔබගේ අදහසට මම එකගයි.

      ඒත් මගේ මතය නම් පබාවතීට සුදුසු නිලියන් ඕනෑ තරම් ලංකාවේ සිටින බවයි.

      මේ ලිපියේ ලිවීමේ ලේඛකයා ගේ මුඛ්‍ය පරමාර්ථය තමයි අවසාන ප්‍රශ්නය.අතීතයේ පටන්ම අප ඉන්දියාව මත යැපුනා විවිධ ක්ෂේත්‍ර වලදී.අපට ඇති සම්පත් අනුව භාරතයේ හැකියාවන් හා ඔවුන්ගේ විශිෂ්ඨතා අනුව අපට ස්වාධීන වන්නට බැරි අවස්ථා වල එසේ කිරීම නිවැරදියි.නමුත් අපි දෙපයින් සිට ගැනීමට හැකියාව තියෙද්දිත් ඇය් කිහිලිකරු වල සහය පත්නනේ?

  2. කව්ද ඔබ දකින නිලිය ???? මෙහෙමයි ඔය මෙගා නාට‍ය වල ඉන්න සීනී බොල කොල්ලෙක් කුසට රඟපානවා නම් ඔය කොයි නිලියත් හරි . ජැකස්න් ඇන්තනී එක්ක රඟපාන්න තරම් හැකියාවක් තියන අය නම් බොහොම අඩුයි , සංගීතා හෝ යශෝධා තමයි හිටියේ නමුත් දැන් නම් දෙන්නගෙ භාහිර පෙනුම ගැටලුවක් තියනව

    පූජාගෙ භාගයක් ලංකාවෙනේ , එහෙම කියලවත් හිතමු . කොහොමටත් අලුත් හොන්ද කෙනෙක් හඳුන්වාදුන්නා නම් වඩා හොඳයි මට හිතෙ හැටියට

    • රංගනය ගැන මට මහලොකු දැනුමක් නම් නෑ.ඒත් මගේ දැනුමේ හැටියට සාර්ථක රගපෑමකට වාචික අභිනය වැදගත්.මව්බස සිංහල නොවන පූජාට සිංහල චිත්‍රපටයකට වාචික අභිනය දැකිවිය හැකිද? චිත්‍රපට පසුව දෙබස්කවන නිසා ඒඅඩුපාඩුව පිරිමැසිය හැකියයි කෙනෙක් කියයි.ඇත්ත.ඒත් (බලෙන් යොදාගත්) පූජා ට දෙබස්කැවීමට නැවත සිංහල ශිල්පිණියක් අවශ්‍ය වීම හාස්‍යජනක නැත්ද?

      දිල්හානී?,අනුරුද්ධිකා?,වේදිකාවේ දසකම්පෑ තව බෙහෝ නවක නිලියන් මතක් වෙතත් නම් නොදැනීම ගැටලුවකි.උදා: හුණුවටය නව නිශ්පාදනයේ ගෘෘෂා?

  3. වේදිකාව වගෙ නෙවේ සහෝදරය සිනමාවෙදි රූපය ගොඩාක් වැදගත් , දෙබස් හඬ කැවීම තුලින් ගොඩ යන්න පුලුවන් එක සිනමාවේ ආවේනික ලක්ෂනයක් . වේදිකාව ගැන එච්චර ආසාවක් නැති නිසා වේදිකා නිලියො ගැන නම් දන්නෙ නැ . මෙ අපට නිතර අහන්න දකින්න ඉන්න අය අතරම් මට පේන විදිහට කෙනෙක් නැ . මම ඔය වගෙ නිර්මානයක් කලා නම් කොහොම හරි ලංකාව තුලින්ම අලුත් කෙනෙක් හොයා ගන්න තමයි පලවෙනි උත්සහාය ගන්නෙ

  4. Don’t angry with me… the person who introduce this actresses to sri lanka, knows the real talents of her !!!!! Please let other directors to have a fun with her.

    • No need to angry with you Rayantha.

      But my argument is, by introducing a foreign actress like her the excising limited opportunity having the SriLankan actress to show her performance in the cinema make further small.Isn’t it?

  5. ජුලියස් සීසර්

    ජය ශ්‍රී…, මමත් හිතන්නේ මේ කරල තියෙන්නේ හොඳම තේරීම කියලයි. මේ චරිතයට අවශ්‍ය රංගනය විතරක් නෙවෙයි නර්තනයත් ඉතාම හොඳින් ප්‍රගුණකළ දක්ෂ නිලියක්. අනෙක මේ චරිතයේදී ශරීර ස්වභාවය/ලාලිත්‍යයත් ඉතාමත්ම වැදගත් නේද? ඔබ යෝජනාකර ඇති නිලියන් කොතරම් දක්ෂවුනත් මේ කරුණු අතින් පූජාගේ අහලකින්වත් තියන්න බැරි බවයි මගේ හැඟීම. ඒක අපේ නිලියන් අවතක්සේරු කිරීමක් නම් නෙවෙයි…

  6. Prince Jayampathi

    .
    බුදු හාමුදුරුවෝ ඉපදුනෙත් ලංකාවේ කොට මේ ……. ඉපදුනෙත් ලංකාවේ. හැබැයි …….. වලං හේදීමේ පාරමිතාව පුරන්න ගියේ ඉන්‍දියාවට. ඒක නිසායි හින්දි නිලියක් අරන් තියෙන්නේ.්න ඇත්තෙ

    • ජයම්පති කුමරුවනි, ඔබේ ප්‍රතිචාරයේ නොගැලපෙන වදන් 2ක් ඉවත් කිරීමට සිදුවීම ගැන සමාවන්න.

  1. Pingback: අවකාශය » Blog Archive » කුස රජු ශ්‍රී ලාංකික ද?

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: