“කාලෝ අයංතේ” – දරුස්මාන් ලා ට මෙන්න තවත් රාජකාරියක් !

බෑන් කී මූන්, මර්සුකී දරුස්මාන් ප්‍රමුඛ නඩයට දැන් තවත් රාජකාරියක් ඉතිහාසය විසින් පවරනු ලැබ ඇත.බින් ලාඩන්ගේ ඝාතනයත් සමගම ත්‍රස්තවාදයට එරෙහි සටන එක්තරා තීරනාණාත්මක මං සන්ධීයකට පැමිණ තිබීම ඊට හේතුවයි.කුමක් ද මේ රාජකාරිය?

එක්සත් ජනපදයේ ත්‍රස්ත විරෝධී සටන නිසා සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම් පිළීබද සෙවීමට මේ සුදුසුම කාලයයි.එමෙන්ම යුද්ධය අතරතුර එක්සත් ජනපද හමුදාව විසින් කළ යුධ අපරාධ පිලිබදව සොයා බැලීමට ද මේ සුදුසුම කාලයයි.බින්ලාඩන් සොයා ඇෆ්ගනිස්ථානය පුරා දස වසරක් තිස්සේ කරන ලද යුද්ධයේ දී මියගිය (මරාදමන ලද) අහිංසක සාමාන්‍ය ජනතාව ගැන සොයා බලා වාර්තා කිරීමට උපදේශ කමිටුවක් පත් කීරීමට මේ හොදම කාලයයි.

තව මාස කීපයකින් නිකුත් කරණුලබන එම ආන්දෝලනාත්මක කමිටු වාර්තාවේ එක්සත් ජනපද හමුදාව සාමාන්‍ය ජනතාව වෙත ෂෙල් වෙඩි එල්ල කළ ආකාරය දැක්වෙනු ඇත.ඉලක්ක වැරදීම නිසා සාමාන්‍ය ජනතාව සහස් ගනණින් මරුමුව පත් කරමින් එල්ල වූ ගුවන් හමුදා ප්‍රහාර පිලිබදව සවිස්තරව සදහන් වනු ඇත.අවතැන් ජනතාවට සහන සැලසීමට එ.ජා.සංවිධානයට ඉඩ ලබා නොදුන් ආකාරය දැක්වෙනු ඇත.රෝහල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ ඇකාරය දැක්වෙනු ඇත.යුද්ධයෙන් අවතැන් වූ ජනයාට එරෙහිව සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කීරීම් හා මනුශ්‍යත්වයට එරෙහි අපරාධ පිලිබදව ද සදහන් වනුඇත.යුධ පුවත් එලිදරව්වීම වැලැක්වීම සදහා යුද්ධයෙන් පිටත කලාපයේ කළ මාධ්‍ය මර්ධනය (විකිලීක්ස් ?) , සුදුවෑන් පිලිබදව ද නිසැකවම සදහන් වනු ඇත.

තව කරුණක්:

මේ කමිටුවට සාක්ශි සැපයීම සදහා ඇම්නෙස්ටි ඉන්ටර්නැශනල් වැනි සංවිධාන ද, නවනීදන් පිල්ලේ ලා ද, උඩපැනගෙන පැමිණෙනු ඇති නමුත් ඉතාම වැදගත් සාක්ශිය ඔවුන්ගේ නොවේ.බින් ලාඩන් ඝාතනයට මුල්වූ හමුදා ප්‍රධානියා උසිගන්වා ඔහු මීලග ජනාධිපතිවරණයේ දී ඔබාමාට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරීපත් කළ හැකි උවහොත් වැඩේ අතිශයින් සාර්ථක වනු ඇත.ජනපති වීමේ සිහිනයෙන් ඔදවැඩී සිටින ඔහු ලවා, 2011 මැයි පලමු වෙනිදා පකිස්ථානයේ ප්‍රහාරයේදී බින් ලාඩන් සුදු කොඩි ඔසවා යටත්වීමට සූදානමින් සිටිබවටත්,”මොකා ආවත් සුදු කොඩි අරං ආවත් වෙඩිතියන්න” යයි ජනපති ඔබාමා උපදෙස් දුන් බවට මාධ්‍ය වේදීන් තමන්ට පැවසූ බවටත් මැතිවරණ වේදිකාවේදී කියවා ගන්නට කිසිවෙකු හෝ සමත් උවහොත් මුලින් කියූ කමිටුවට කදිම සාක්ශියක් වනු ඇත.(එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ඔබාමාගේ සෙහොයුරෙකු නොවීම විශාල අඩුපාඩුවක් වුවද ඒගැන සිතිය යුතු නැත.)

නමුත් ජනාධිපති වරණයට තව බොහෝ කල් ඇතිනිසා වෙනත් උපක්‍රමයක් ගැන සිතිය යුතුව තිබේ.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 03/05/2011, in කාලීන, මතවාද. Bookmark the permalink. 1 Comment.

  1. ඇමරිකාවෙ දේශපාලනය ලංකාවේ තරම් බංකොලොත් නැත එනිසා අපේක්ෂකයින් ඉම්පෝර්ට් කිරීමක් සිදුනොවෙඋ ඇත . නමුත් සරත් ෆොන්සේකා මහතා චන්දයට ඉදිරිපත්වීම හාස්‍යට කරුණක් විනා වැරදියි යැයි ඇඟිල්ල දිගු කල හැකි තත්වයක් නොවේ මන්ද එය ඔහුගේ අයිතියකි !

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: