මා(ර්)සුකී දරුස්මාන් නොදුටු දේ

මා(ර්)සුකී දරුස්මාන් ප්‍රමුඛ උපදේශක කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේඛම් බෑන් කී මූන් මහතාට දෙන ලද වාර්තාව මගින් නොදක්නා ලද එහෙත් අවශ්‍යෙයන් ම දැකිය යුතුව තිබූ දේ බොහෝ ඔවුන්ගේ ඇගිලි තුඩු අතරින් ගිලිහී ගොස් ඇති බව ලේඛකයා විස්වාශ කරයි.මේ ඒ පිළිබදව සටහනකි.

කමිටුව ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා චෝදනා 5 පිළිබද විවේචනයක යෙදීමට ලේඛකයා මෙය අවස්ථාව කරනොගනී.

අදාල කමිටුව පහත සදහන් චෝදනා 6 කොටි සංවිධානයට එල්ල කිරීම යම්  සාධනීය ලක්ෂනයක්  බව ප්‍රකාශ කළ යුතුය.

එනම්

  1. සිවිල් ජනතාව මිනිස් ආවරණයක් ලෙස භාවිතා කිරීම
  2. රජය විසින් මුදාගන්නා ලද ප්‍රදේශ වලට යාමට උත්සහ කරන ජනතාව ඝාතනය කිරීම.
  3. ජනතාව ආසන්නයේ ආයුධ සථානගත කිරීම
  4.  බලහත්කාරයෙන් ළමුන් බදවාගැනීම
  5. බලහත්කාරයෙන් කම්කරුවන් බදවාගැනීම
  6. ආත්මඝාතක බෝම්බ ප්‍රහාර මගින් සිවිල් ජනතාව ඝාතනය කිරීම.
නමුත් අවශ්‍යයෙන්ම සටහන් කළයුතු ඉතාම ප්‍රමුඛ කරුනු කීපයක් මෙමෙ ලැයිස්තුවෙන් ගිලිහී ගොස් ඇති බව කණගාටුවෙන් වුව ද ප්‍රකාශ කළයුතුව ඇත.පාඨකයාගේ දැන ගැනීම සදහා එම කාරණා මෙලෙසින් පෙලගස්වමු.
1.රටේ ආර්ථීක මර්මස්ථාන සහ වෙනත් වැදගත් ස්ථාන වලට ආත්මඝාතක ප්‍රහාර එල්ල කිරීම මගින්(ගොඩබිමින් මෙන්ම ගුවනින්) ජීවිත/දේපල හානි කිරීම හා මහජනයා පීඩාවට හා බියට පත් කිරීම
2.එවන් ප්‍රහාර හේතුවෙන් රටේ ආර්ථිකය විනාශකිරීම.(විදෙස් ආයෝජකයන්/සංචාරකයින් නොපැමිණීම සහ වරාය හා ගුවන්තොටුපලවලට රක්ෂණ අධීභාර පැනවීම හරහා)
3.එවන් ප්‍රහාර හරහා රටේ ජාතික නායකත්වය විනාශ කර රට අරාජක කිරීමට යත්න දැරීම.
4. අත්අඩංගුවට පත්වූ රජයේ හමුදා සෙබලුන් සහ තමන්ට විරුද්ධ සාමන්‍ය ජනයා වධ බන්ධනවලට ලක් කිරීම සහ අවසන කුරිරු ලෙස ඝාතනය කිරීම.
5.නිඩාඩු ලබා නිවෙස් වලට යන නිරායුධ සෙබලුන් ඝාතනය කිරීම.(සුපුරුදු පරිදි මිනිස් බෝම්බ මගින්).
6.ආයුධ, මත්ද්‍රව්‍යය, මිනිස් ජාවාරම් නිසා ජාත්‍යන්තර ප්‍රජාව ද පීඩාවට පත්  කිරීම.
සමහර විට (වාර්තාවේම දැක්වෙන පරිදි) කමිටුව තම විමර්ශන කටයුතු මෙරට තුල මාස 10 ක පමණ කෙටි කාලයක් තුල සිදු වූ සිදුවීම් වලට පමණක් සීමාකල නිසා උක්ත කරුණූ මගහැරුනා විය හැක.නමුත් දශක 3 කට ආසන්න කාලයක් තිස්සේ පැවති ගැටලුවක අවසන් මොහොත පමණක් සැලකිල්ලට ගෙන විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීම ද පිළිගත නොහැක.මෙමෙගින් කියැවෙන්නේ සම්පූර්ණ කතාවෙන් සුලු කොටසක් පමණක් බව පැහැදිලීය.
එසෙත් නැතිනම් මෙම කරුණු සිතා මතාම අමතක කළා වීමට ද පුලුවන.
කෙසේ උවද බෑන් කී මූන් ට ඉදිරිපත් කළ වාර්තාවට එම කරුණූ ද ඇතුලත් ව නොතිබීම විශාල අඩුපාඩුවක් බව නොකිව මනාය.මක්නිසා ද යත් කොටින්ට එරෙහිව මෙහෙයුමක් දියත් කිරීමට බලපෑ කරුණු බෙහොමයක් ඇත්තේ එතුල වීම නිසයි.
Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 28/04/2011, in කාලීන, මතවාද. Bookmark the permalink. 1 Comment.

  1. ඔව් ඇත්ත එල්.ටී.ටී.ඊ යට ගොනු කල යුතු චොදනා අතර මේවාත් අනිවාර්්‍යයෙන් තිබිය යුතුයි.උපදේශන කමිටුව විසින් රජයට එල්ල කර තිබූ චෝදනා වලට වඩා කොටින්ට එල්ල කර ඇති චෝදනා වලට වීරත්වයක් මෙන්ම අසරන කමට කළ වැනි තත්ත්වයන් ආරෝපනය කර ඇත.කොටින්ට එල්ල කර නැති නමුත් අනිවාර්්‍යයෙන් එල්ල කල යුතු චොදනා අතර ඔයා කියල තියෙන චෝදනා හයෙන් හයවැනි එකේ ඵල විපාක කොටි විනාශ වුනේ නැත්නම් මුළු ලෝකෙම විදවනවා.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: