මේ අලුත් අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද නොවන්නේ ඇයි?

සිංහල අලුත් අවුරුද්ද සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික උත්සවය බව මේඝය අදහයි !

තමිල්නාඩුව හෙවත් දෙමළ ජනයා ගේ නිජබිම වාසය කරන හින්දු ආගම අදහන දෙමළ ජාතිකයින් අප්‍රේල් මාසයේ නව අවුරැද්දක් නොසමරයි.ඔවුන් ගේ නව අවුරුදු සමරුව යෙදෙන්නේ ජනවාරි මාසයටය.ඒ තෛපොන්ගල් දිනයයි. එනම් දෙමළ ජනතාවගේ නව අවුරුදු දිනය වන්නේ තෛපොන්ගල් දිනය මිසක් සිංහලයන් නව නව අවුරැද්ද සමරන අප්‍රේල් 13 හෝ 14 නොවේ.මෙරට දෙමළ ජනතාව සම්බන්ධයෙන් ද එය එසේමය.ලංකාවේ (සිංහලයාගේ) නව අවුරුදු සැමරුම කෘශිකාර්මික දිවිපෙවෙත හා බද්ධව පවතින්නකි.නව අවුරුදු වසන්ත සමය එළැබෙන්නේ අස්වනු කපා ගෙට ගැනීමත් සමගමය.තමිල්නාඩුව සම්බන්ධයෙන් ද එය එසේමය.නමුත් තමිල්නාඩු වාසී දෙමළ ජනයා අස්වනු කපා ගෙට ගන්නේ අප්‍රේල් නොව තෛපොන්ගල් යෙදෙන ජනවාරියේය.එනම් අප්‍රේල් මාසයේ වය අවුරුදු සමරුව ලංකාවේ සිංහලයාට අවේනික වූ උත්සවයකි.එසේ නම් ලේඛකයා අවනඩුව නම් සිංහලයාගේ අලුත් අවුරුදු උත්සවය  “සිංහල අලුත් අවුරුද්ද”  ලෙස නොහදුන්වා “සිංහල හා හින්දු අලුත් අවුරුද්ද” ලෙස හදුන්වන්නේ මන්ද යන්නයි.

සහෝදර ශ්‍රී ලාංකිය දෙමළ ජනතාව තෛපොන්ගල් උත්සවයට අමතරව සිංහල අවුරුද්ද ද  සැමරීම පිළිඹදව අප ද සතුටු වෙමු. එපමණක් ද නොව සිංහලයේ (ශ්‍රී ලාංකාවේ) වාසය කරන සියලු ජනතාව ජාති, ආගම් භේදයකින් තොරව සිංහල අවුරුද්ද  සැමරීමට එක් වන්නේ නම් අපගේ අපේක්ශාව ද වන්නේ එයයි.නමුත් සිංහලයේ (අතීතයේ මෙරට හැදින් වූයේ නාමයකි) උත්කෘශ්ඨ ජාතික උත්සවය සිංහල හා හින්දු හෝ සිංහල හා දෙමළ කියා වර්ගීකරනය කොට ප්‍රකාශ කිරීම අපි හෙලා දකිමු.සැමට ම පොදු මෙම අවුරුදු සැමරුම  “සිංහල අලුත් අවුරුද්ද” ලෙස හැදින්වීම බඩාත් සුදුසු බවට මේඝය යෝජනා කරයි.

සැමට සුභ අලුත් අවුරුදුදක් වේවා !

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 14/04/2011, in කාලීන, මතවාද. Bookmark the permalink. Leave a comment.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: