2011 ලෝක කුසලාන පරාජය සහ ජ.වි.පෙ. මැතිවරණ පරාජය

1971 කැරැල්ලට 40 වසරකි

2011 අප්‍රේල් 05 වෙනිදාට ජ.වි.පෙ පළමු කැරැල්ලට සතලිස් වසරකි.මේ ලේඛකයා ජ.වි.පෙ. 1971 කැරැල්ල සමයේ මෙලොව එලිය දැක තිබුණේ නැත.1988 භීෂණ සමය පිලිඔදව නම් කුඩා මතකයක් පමණක් ඇත.එනිසා තමන් අසා – කියවා පමණක්  ඇති දෑසින් දැක නැති එ පවත් පිළිඹද සාකච්චා කරනවාට වඩා  ලේඛකයා ඇසින් දුටු සාක්ශිකරුවකු වූද, කුඩා ම කුඩා පැන්සල් පහරකින් හෝ දායක වූවා වූද, ජ.වි.පෙ ජයග්‍රාහී චාරිකාවට කුමක් වූයේ යයි ද  සාකච්චා කිරීමට මේ අවකාශය භාවිතා කිරීම 1971 කැරැල්ලට සාලිස් වසරක් පිරෙන මේ මොහොත සුදුසු යයි හැගෙන බැවින් මේ සටහන ලියැවේ.එපමණක් ද නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලාන අවසාන මහා තරගය පරාජය වීම සහ ජ.වි.පෙ හි පරාජය අතර සමානකමක් ද ගොඩනැංවීමට මෙමගින් වෙර දැරේ.

ශ්‍රීලංකා ක්‍රිකට් පිල මැනවින් පුහුණුවීම් වල යෙදිනි.තරග ජය, තරගාවලි ජය ලබමින් වර්ගීකරන දර්ශකයේ පියවර පියවර ඉදිරියට පැමිණියේය.ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුනය රදවාගත් කණ්ඩායම ලෙස කීප වාරයක් සම්මානයට ද පාත්‍රවිය.මෙලෙසින් 2011 ලෝකකුසලාන තරගාවලිය ඇරඹෙන විට කාගේත් තේරිමක් බවට පත්ව ජයග්‍රාහී විලාසයක සිටියේය.තරගාවලියේ මූලික වටයේදී ද හොදින් ක්‍රීඩා කළේය.(පකිස්ථානය හමුවේ පරාජය වුව ද එය ඊළග වටයට යාමට භාදාවක් නොවීය).අර්ධ අවසාන පූර්ව තරගය ද අර්ධ අවසාන තරගය ද පහසුවෙන් ජයගත්තේය.ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බහල නංවමින් සිංහ සෙයියාවෙන් අවසාන මහා තරගයට එළබිණි.අවසාන තරගයේ ද පළමු ඉනිම හොදින් ක්‍රීඩා කර තරගයක් දිය හැකි හොද ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේය.ඉන්දීය පිළිතුරු ඉනිමේ දීද මුල් ඕවර කීපය සාර්ථකව ක්‍රීඩා කරන ලදී.නමුත් අවාසනාව එළඹුණේ ඉන් පසුවය.පන්දු රකින්නන් අතින් උඩ පන්දු ගිලිහෙන්නට ගත්තේය.දුවද්දී දවාගැනීම් අහිමිව ගියේය.ඒ අවසරයෙන් පිලිමලුන් සාර්ථකව ලකුණු ලබාගනිමින් සිටියහ.අවසන ශ්‍රී ලංකා පිලට සිදුවූයේ තරගයේ ජය ඉන්දියාවට දී අනු ශූරතාවයෙන් සෑහීමකට පත්ව ලංකාවට ඒමටය.

1988-89 මර්ධනයෙන් පසු ජ.වි.පෙ ද 1994 දී අලු මතින් නැගිටින ෆිනික්ස් පක්ශියකු මෙන් ප්‍රජාතන්ත්‍රවාදී  ක්‍රියාදාමය තුල හිස ඔසවමින් සිටියේය.මැතිවරණයෙන් මැතිවරණයට පාර්ලිමේන්තුව මෙන්ම අනෙකුත් මහජන නියෝජිත ආයතන වල ද තම නියෝජිතයන් ගණන වැඩිකරගනිමින් ජයග්‍රාහී ගමනක යමින් සිටියේය.රජය මගින් ගන්නා ජනතා විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව ජනතාව පෙලගස්වමින් ඒවා පරාජය කළේය.තීරණාත්මක මොහොතක පරිවාස රජයක් පිහුටුවීමට රජයට හවුල් වී ජනතාවට ජයග්‍රහණ ලබාදිනි.හවුල් රජයක ඇමති ධූර ද ලබාගෙන එක්තරා මහමැතිවරණයක දී කාගේත් තේරීම බවට පත්ව ජනතා විශ්වසය උපරිම ලෙස ලබා හැම දිස්ත්‍රික්කයකම වැඩිම මනාප ලැබූ අපේක්ශකයන් ලෙස අතිවිශාල මනත්‍රී ධූර ගනණක් පාර්ලිමේන්තුව තුල හිමිකරගත්තේය.පාවෙන ඡන්ද මෙන්ම සාම්ප්‍රදායික ශ්‍රී.ල.නි.ප ඡන්ද ද තමා දෙසට නම්මා ගනිමින් මෙලෙස ඔවුන් ජයග්‍රාහී ලෙස ළගා වෙමින් සිටියේ ඕනෑම දේශපාලන පක්ශයක පරම අභිලාශය වන රටේ පාලන බලය ලබාගැනීමේ මාර්ගයටය.බලවත් රජුන් තනන්නකු ගේ සැබෑ භූමිකාව නිරූපනය කරමින් ඔවුන් ජනපතිඅපේක්ශක වරයකු දිනවීමට ද උපරිම ලෙස දායක විය.නමුත් අවාසනාව එළබිණි.ජ.වි.පෙ රජයට එකතුවීම,තනතුරු දැරීම ප්‍රතික්ශේප කළේය.රජයේ ප්‍රධාන(අහේතුක) විවේචකයා බවට පත්ව, (සාම්ප්‍රදායික විපක්ශයක් ලෙස) තමන් ම මහන්සි වී ගොඩනැගූ රජයට ම එරෙහිව වීදි බැස්සේය. තමන් ද දායක වී ආරම්භ වූ ත්‍රස්තවිරෝධී සටන නිසා තමන්ට හිම්විය යුතු ගෞරවය පවා ප්‍රතික්ශේප කරමින් පිස්සු කෙලින්න ගත්තේය.

ඉන් පසු සිදුවූ දෙය කවුරුත් දනී.ජනතාව  අනෙක් පස බැලීය.ජ.වි.පෙ ජනප්‍රියත්වය වේගයෙන් පහල බැස්සේය.රජ්‍යය බලය ලබාගැනීම කෙසේ වුවද තමන් සතුව තිබූ තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාවේ බලය ද ගිලිහි ගියේය.බිංදුවට ම බැස්සේය.

හොදින් ක්‍රීඩා කළේ නම් නිසැකවම ලබාගතහැකිව තිබූ ජයග්‍රහණයක් ජ.වි.පෙ අතින් ගිලිහි ගියේ එසේය.ක්‍රකට් කණ්ඩායමේ පරාජයට නම් ජයග්‍රහණ පිපාසයෙන් සිටි ප්‍රභල ඉන්දීය කණ්ඩායමේ අසමසම දක්ශතාවය සහ හතලිස් දහසක් පමණ වූ දැවැන්ත ඉන්දීය ප්‍රේක්ශකයන් ද ප්‍රභල හේතුවක් වූ  නමුදු ජ.වි.පෙ ට නම් එවන් අභියෝගයක් ද නොවූ බව ලේඛකයා ගේ හැගීමයි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 07/04/2011, in කාලීන, මතවාද. Bookmark the permalink. 7 Comments.

  1. තිස්සමහාරාමයට මොකක් හරි නමුත් ඇහැට පෙනෙන වෙනසක් කරලා තියෙද්දිත්,ආණ්ඩුව පත්කරපු කොමසාරිස්ගෙන් කිසි ප්‍රශ්නයක් නොවිසඳී තියෙද්දිත්,ජවිපෙ තිස්සදි ඡන්දෙන් දෙවැනි තැනත් නැතිව තුන්වැනි තැනට වැටුන එකම හේතුව තිස්ස මිනිස්සුන්ට වෙනසක් ඕනැවෙලා තිබුන හින්දාද?

  2. 1.ජ.වි.පෙ අපේක්ශකයන් නිදහස් සංධාන ලැයිස්තුවෙන් ඡන්දය ඉල්ලුව නම් කිසිම සැකයක් නෑ වැඩිම මනාප ලබමින් ඒ අය ජයග්‍රහණය කරනවා.
    2.ජ.වි.පෙ නිදහස් සංධානය සමග නිතරග ගිවිසුමක ඉදල ජ.වි.පෙ විදියටම තිස්සට ඉල්ලුවනම් ඒත් දිනනවා.
    3.මොනව උනත් අපිට අවංකව පිලිගන්න වෙනව තිස්ස ජනතාවට කළගුණ සැලකීම අමතක වෙලා කියලා.

  3. ඌරන්ට මොන සව්ක්කියද?
    අපේ රටේ උන්ට මොන ගොඩයාමක්ද බන්?

    හෑමදාම රෑවටේනවා වගේ ආතල්ඵකක් තව කොහෙන්ද?

  4. මට නම් හිතෙන්නේ තිස්සමහාරාමෙදි ඔප්පු වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහ පාලනය බලෙන් පටවන්නට හැකි දෙයක් නොවන බව. ඒක පරම්පරා ගණනාවක් විඳවලා අවබෝධ කරගත යුත්තක් විය හැකියි.
    පට්ට පරණ වැඩවසම් පාලකයන්ගේ සීනිබෝල මිනිස්සු තාමත් අභිරුචියෙන් ගිලින එක තේරුම් ගන්න වෙන විදිහක් මට තේරෙන්නෙ නෑ.
    (ජ.වි.පෙ. තිස්ස පාලනය උත්කර්ෂයට නංවනවා නොවෙයි. නමුත් සාපේක්ෂව එහි ඉතා සාධනීය දේවල් ටිකක් අපි දැක්කා)

  5. janadipathiwaranaye prathipalawalin passe neethiwedi Elmo Perera mahatha Lanka E News eke daalaa thibuna lipiya balanna, eka denuth ehi thibenawa.
    menna web address eka.
    http://www.lankaenews.com/Sinhala/news.php?id=12851

    eta passe oba semata meyaalage jayagrahanaye tharama wishleshanaya kara ganna puluwani. idiriyata pawathina hema chandayakma MR dinanawaa.

    • මැතිවරණයක දී අවසන් නිල ප්‍රතිඵලය නිකුත්කරණ නිසි බලධාරියා මැතිවරණ කොමසාරිස්තුමා වුණාට මැතිවරණයක් කියන්නේ රාජ්‍යය නිළධාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, ස්වාධින නිරීක්ශකයින්, මාධ්‍යෙව්දීන් ඇතුලු විශාල පිරිසක් සක්‍රීයව සහභාගීවන ක්‍රියාවලියක්.පැය කීපයකට මැතිවරණ කොමසාරිස්තුමාව හංගගෙන ඉදල නැත්නම් ඔහුව බියවද්දල සමස්ථ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පමණක් වෙනස්කරල කියාගන්න පුලුවන් කියල සිතීම අතිශයින්ම බොලද සිතිවිල්ලක්.ඡන්දය ප්‍රකාශ කිරීම, ඡන්ද පෙට්ටි ගනණ්කරන මධ්‍යස්ථාන වෙත ගෙන ඒම, ඡන්ද ගණන් කිරීම, ප්‍රතිඵල නිතුක්කිරීම මේ සියල්ල සිදුවෙන්නේ සියලු පක්ෂ වල නියෝජිතයන්, ස්වාධීන නිරීක්ශකයන් ඉදිරිපිට.ඒ නියෝජිතයන් සාක්ශිකරුවන් කරගනිමින්.ඒ එකම තැනකදී ද නොවේ දිවයින පුරා එක් එක් දිස්ත්‍රික්ක 22ක අදාල මධ්‍යස්ථාන වලදී.ඡන්ද පෙට්ටි සීල් තැබීමේදී/සීල් කැඩීමේදී සියලු නියෝජිතයන්ට තමන්ගේ සලකුණු තබන්න අවස්ථාව ලබා දෙනවා.විශාල විනිවිද භාවයකින් කෙරෙන මෙම ක්‍රියාවලියේ දී ඕනෑම අවස්ථාවක ඕනෑම නිරීක්ශකයෙකුට සැකයක් ඇත් නම් ඒ අවස්ථාවේදීම විරෝධය පල කරන්න පුලුවන්.(උදාහරණයක් ලෙස ඡන්දය ගණීන විට කතිරය වෙනුවට ඉරක් ගසා තිබුනොත්, සලකුණු දෙකක් අතර කතිරය තිබුණොත් ගණින නිළධාරියා ඒ ඡන්දය කාටද කියා හෝ ප්‍රතික්ෂේපිත ඡන්දයක් බවට තීරණය කරන්නේ සියලු පක්ෂ නියෝජිතයන්ගේ එකගතාවයෙන්) මෙවැනි ක්‍රියාවලියකට පසු ලැබෙණ ඡන්ද මධ්‍යස්ථාන, මැතිවරණ කොට්ඨාශ, දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල වල සම්ප්‍රයුක්තය තමයි අවසාන ප්‍රතිඵලය. ඉතිං ඔබ කියන විදියට සියලු අවස්ථාවල ෆොන්සේකා මහතා දිනල ඒබව සියලු නියෝජිතයන් දැක තිබියදී, අවසානයේදී මැතිවරණ කොමසාරිස්තුමා ට බලපෑම් කරල ප්‍රතිඵල වෙනස් කරන්න පුලුවන් කියල සිතීම විහිලුවක් ම පමණයි.එවන් දෙයක් කළේනම් මම කලින් කියු නියෝජිතයන් නිහඩව සිටීද?

    • ඔබ පෙන්වූ ලිපියේ තවත් හාස්‍යජනක තැන් කීපයක් පෙන්විය යුතුයි.
      1.අවසන් සාධාරණ ඡන්දය පැවතියේ 1977 දී.එසේ නම් 1994 දී එ.ජා.ප යෙන් පොදුපෙරමුණට බලය මාරු වුණේ කොහොමද. එ.ජා.ප ය පොදුපෙරමුණට හොර ඡන්ද දාල දුන්නද?

      2.ඡන්දහිමි නාමලේඛනයෙන් නම් ඉවත් කිරීම.
      දේශපාලනයට අකමැති සමහරු හිතාමතාම ලියාපදිංචිවීම පැහැර හරිනවා.(සරත් ෆොන්සේකා මහතා ද එවැන්නෙක්).ලියා පදිංචී ලැයිස්තු මහලේකම් කාර්යාල වල ප්‍රදර්ශනය කරනවා.තමන්ගේ නම නැත්නම් ක්‍රියාත්මක වෙන්න ඕන ඒ වෙලාවේ.ජනගහනයෙන් විශාල පිරිසක් ඡන්දය දෙන්නේ කාටදැයි බාහිර නිරීක්ශකයෙකුට කලින්ම කියන්න අමාරුයි.(සමහර විට තමන් කාට ඡන්දය දෙයි දැයි තමන්ටවත් කියන්න බෑ)

      3.මහින්ද මහතා ඡන්දය ජයගත්තේ ඔය කියන කිසි දෙයක් නිසා නෙවෙයි. යුද්ධය ජයගැනීමට මුලු වුණේ ඔහුයි කියල ජනතාව විශ්වාස කිරීම නිසා ඊට කළගුණ සැලකීමක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම නිසයි.යුධ ජයට සරත් ෆොන්සේකා මහතා ද විශාල දායකත්වයක් දැරූ බව ජනතාව දන්නා නමුත් විශ්‍රාම යාමට නියමිතව සිටි ඔහුව හමුදාපති තනතුඑට පත්කලේත් මහින්ද මහතා බව ජනතාව දැනසිටියා.ඒනිසාත් තම ඡන්දය පාවිච්චි කළ හැක්කේ එක් අපේක්ශකයකු දිනවීමට පමණක් නිසාත් තමයි විශාල ජනතාවක් මහිනද මහතාට ඡන්දය දුන්නේ.ඒක ඒ වෙලාවේ රටේ තිබුණ රැල්ල.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: