ලිදෙන් දිය බී මුහුදට ආවැඩීම .

“ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නිමාවීමෙන් පසු හැටන් ප්‍රදේශයේ නිවෙස් කිහිපයකට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.” – පුවතක්

ශ්‍රී ලංකාව මෙහි උපන් සැමගේ මව් බිම ලෙස සැලකෙයි.එනම් මහජාතිය ලෙස සැලකෙන සිංහලයාගේ ද දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, සියලු ම සුලුජාතීන්ගේ (දැන් සුලුජාතියක් නැතැයි ද මතයක් වේ) ද මව් බිම වන්නේ මේ ශ්‍රී ලංකාවයි.එසේ නම් ශ්‍රී ලංකාව විදෙස් රටක් සමග ක්‍රීඩා කරන විට සියලු  ලාංකිකයන්ගේ ඒකායන පැතුම විය යුත්තේ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය නොවේ ද? එසේ නොව් ප්‍රතිවාදී පිල ඉන්දියාව නම් ඉන්දියාවට ද පකිස්ථානය නම් පකිස්ථානයට ද ජයලැබීම යම් ජනකොටසක ගේ පැතුම වී නම් අප එය තේරුම්ගත යුත්තේ කෙසේද? කාපු පතේ පහරන තකතීරුවන් ය කියනවා හැර ඊටත් වඩා හොද නම්බුවක් මේ කළගුණ නොදන්නා දුර්ජනයන්ට දීමට තිබේද?තමන්ට ජීවය දුන්, තම ජීවය රැක දුන්, මවක බදු මව්බිමට මෙලෙසින් ද්‍රෝහී වන අශිශ්ටයන්ට සිදුකළ නොහැකි මීටත් වඩා පහත් ක්‍රියාවක් තවත් තිබේද?

මොවුන් ගේ  නිවාස වලට හෝ මොවුන්ට ම හෝ පහරදීම අපි ද අනුමත නොකරමු.නමුත් තම මව්බිමට වඩා අනෙක් දේශයක් අගය කරන මව්බිමේ ද්‍රෝහීන්ගෙන් එකම එක කාරුණික ඉල්ලීමක් කරමු.යන්න ඔබ ආදරය කරන ඒ දේශයට සදාකාලිකවම යන්න.ඔබේ බරින් මේ බිම නිදහස් කරන්න.

 

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 04/04/2011, in කාලීන, මතවාද. Bookmark the permalink. 3 Comments.

  1. ක්‍රිකට් හෝ වෙනත් ක්‍රිඩාවකදී ලංකාවටම සහය දිය යුතුයැයි නියමයක් නැත , ක්‍රිඩාශීලි හේතුවක් මත (පිතිකරුවන් / පන්දු යවන්නන් ට දැඩි සේ ප්‍රිය කිරීම වැනි ) ඉන්දියාවට පකිස්ථානයට හෝ එංගලන්තයට වුවත් සහය දීම ගැටලුවක් නොවේ ..එහෙත් ආගමක් /ජාතියක් මුල් කරගෙන එවැන්නක් සිදුකරයි නම් පිලිකුලෙන් යුතුව ප්‍රතික්ශේප කලයුතු තත්වයකි

  2. ඔබ හරි මිත්‍රයා.තෙන්දුල්කාර් ගේ පිතිහරබයට,අක්තාර් ගේ පන්දුයැවීමට අපි ද රුචි වෙමු.නමුත් ඒ ප්‍රතිවාදී පිල ශ්‍රීලංකාව නොවෙන තාක් පමණි.(ජයසූරියට ප්‍රිය කරන ඉන්දියානුවෝ බොහෝය-නමුත් ඒ ද ප්‍රතිවාදී පිල ඉන්දියාව නොවෙන තාක් පමණි).ගැටලුව ඔබ කී පරිදිම ආගමක් /ජාතියක් මුල් කරගෙන සමහරුන් තමන් ලාංකිකයන් බව අමතක කිරීමයි.

  3. කතාව ඇත්ත ඇත්ත් මචන්.සම්පුර්නයෙන් එකගයි……

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: