මුරලිදරන් සහ ලංකා සමාජය

සිංහ ධජය සෙවනේ සිට සමස්ථ ක්‍රිකට් ලොවටම අභියෝග කළ ඔහු මුත්තයියා මුරලිදරන්ය.වසර ගනණාවක් පුරා ශ්‍රීලාංකිකයන්ගේ ක්‍රිකට් වීරයා වූයේ ඔහුය.ටෙස්ට් කඩුලු 800 ක් දවාගෙන ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස ඔහු කිරුලු පලන් විට සියලු ලාංකිකයෝ ඔහු පිළිඹදව ආඩම්බර විය.තරග දිනා දෙන පන්දු යවන්නෙක් ලෙස ඔහු කෙරෙහි තැබූ ප්‍රේක්ශක විචාරක අපේකෂාවන් අපමණය.සැබැවින්ම ශ්‍රීලංකාව ලැබූ ටෙස්ට් සහ එක්දින ජයග්‍රහණ රැසක පිටුපස සිටි යෝධ සෙවනැල්ල වූයේ ඔහුය.මේ කතාව 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට ද 2007 ලැබූ අනුශූරතාවට ද වලංගු යයි කීම අතිශයෝක්තියක් නොවේ.

මුරලිදරන් ලංකාවේ ජාතික සමගිය පිළිඹද ජීවමාන සංඛේතයකි.මුරලි අපරටේ සුලු ජාතිය නියෝජනය කරයි.ඔහුගේ පියා මෙරටට ඉන්දියාවෙන් සංක්‍රමණය වූවෙක් බව කියවේ.නමුත් මුරලිට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට එය භාදාවක් වූයේ නැත.මුරලි කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ බහුතර සිංහල සිසුන් සමග එකට අකුරු කළේය.එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී විදුහල් කණ්ඩායම නියෝජනය කරමින් තම ක්‍රීඩා දිවිය ආරම්භ කළේය.ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් ජාතික තලයට ද ජාත්‍යන්තර තලයටද පිවිස ක්‍රිකට් ලොව අතීක්‍රමණය කළේය.මුරලිගේ ක්‍රීඩා රසිකයින් බහුතරය සිංහලයන් බවට සැකයක් නැත.ජාතික කණ්ඩායමට තේරීමට මුරලිට තම ජාතිය භාදාවක් නොවීය.ඔස්ට්‍රේලියාවේදී පන්දුව දමාගසනවා යයි චෝදනා එල්ල වූවිට අර්ජුන රණතුංග ප්‍රමුඛ මුලු කණ්ඩායම ම ඔහු සමග සිටියහ.ඩැරල් හෙයාර් නම් පක්ශග්‍රාහී විනිසුරු වරයාට එරෙහිව අර්ජුන සටන් කළේ තම ක්‍රීඩා දිවිය ද පරදුවට තබමිනි.ඒ මුරලි වෙනුවෙනි.ක්‍රිකට් පරිපාලනය ද ඔහුගේ නිදොස් බව වෙනුවෙන් පෙනී සිටියහ.වෛද්‍ය වාර්ථා කැදවිනි.ICC යට කරුණු දක්වන ලදී.අවසානයේ මුරලි ජයග්‍රහණය කළේය.ඔහුගේ පන්දු යවන ඉරියව් නිවැරදි බවට ජාත්‍යන්තර සහතිකයක් ලැබිණි.

මුරලි, ශ්‍රී ලාංකික ජනසමාජය වර්ගවාදී නොවන බවට පෙන්වාදිය හැකි උදාහරණ දස දහස් ගණනින් එකකි.මුරලි යනු දැවැන්ත වෘක්ශයක් නම් ඊට වැඩීමට පොහොර  ජලය සැපයූවේ ද ඊට අවශ්‍ය රැකවරනය ලබාදුන්නේ ද ලාංකීය සමාජය බව කිව යුතුය.සිංහල, දෙමළ, මුස්ලිම් සියලු  ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ  හදවත් තුල  මුරලිගේ යෝධ ප්‍රතිරූපය නොමැකෙන ලෙස සටහන්ව ඇත්තේ ජාතිභේද, ආගම් භේද කිසිවකින් තොරව හුදෙක් අපේ එකෙක් යන පොදු ආකල්පයක පිහිටාය.(මුරලිගේ පියා ද තමන් අයත් නොවන ජාතියක් බහුතරය වූ සමාජය තුල සාර්ථකත්වයට පත්වූ ව්‍යාපාරිකයෙක් බව මෙහිදී සටහන් නොකළොත් එය අඩුවකි).

මුරලිදරන් ජාත්‍යන්තර එක්දින තරග වලින් සමු ගන්නා මේ මොහොතේ අපි ඔහුට සුභපතමු!

මුරලිගේ අවසන් එක්දින තරගය ද වන 2011 ලෝක කුසලානය අවසන් මහා තරගය ජයගෙන නැවත කුසලානය ලක්මව වෙත ගෙන ඒමට සංගක්කාර,මුරලි ඇතුලු කණ්ඩායමට හැකිවේවා යයි ඉතසිතින් පතමු!

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 31/03/2011, in කාලීන, මතවාද. Bookmark the permalink. Leave a comment.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: