“ඔඩිසි ඩෝව්න්” මෙහෙයුම

ගඩාෆි ලිබියාව තුල ගෙන ගියේ ඒකාධිපති පාලනයකි.වසර 43ක් ඔහු පාලනය ගෙන ගියේ මැතිවරණ පැවැත්වීමකින් තොරවය.ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් කප්පාදු කරමිනි.අවසානයේ එරට ජනතාව ඔහුට එරෙහිව නැගී සිටින්නට ඇත්තේ තම ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැනදී වන්නට ඇත.එහි ඇති වරදක් නැත.මැතිවරණ පවත්වා තමන්ට කැමති පාලකයෙක් පත් කරගැනීමට අවස්ථාව නැතිවිට ජනතාව පාලකයාට එරෙහිව නැගී සිටීම ස්වාභාවිකය.

නමුත් මෙහි ඇති ගැටලුව නම් අවස්ථාවාදී එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ලිබියාවේ තෙල් සමිපත කොල්ලකෑමේ පටු අරමුණ ඇතිව මෙම ප්‍රශ්නයට අත පෙවීමයි. ලිබියාවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම සදහා ඔවුන් එල්ල කරන ගුවන් ප්‍රහාර වදින්නේ එරට සාමාන්‍ය ජනතාවටමය.විනාශ වන්නේ ඔවුන්ගේ දේපලය.මැදපෙරදිග රටවල් තම ග්‍රහණයට ගැනීම සදහා එක්සත් ජනපදය ඉතිහාසය තුල වරින් වර විවිධ උපක්‍රම භාවිතා කර ඇත.හොදම උදාහරණය ඉරාකයයි.ඉරාක ආක්‍රමණය සාධාරණීකරනය කිරීම සදහා යොදා ගන්නා ලද්දේ එරට තුල ජීව විද්‍යාත්මක අවි තිබේය යන මිත්‍යාව සහ ඉරාක ජනතාව සදාම් හුසේන් ගේ ඒකාධිපති පාලනයෙන් ගලවාදෙන්නෙමියි යන සටන් පාඨයයි .රසායනික අවි සොයා කරන ලද එක්සත් ජනපද මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස ඉරාක ජනපති සදාම් හුසේන් මරණ දඩුවමට ලක්කිරීමටද හැකි වුවද එරටින් හමුවූ රසායනික අවියක් නම් නැත.(සදාම් හුසේන් ඝාතනය කරණ ලද්දේ සමූහ ජන ඝාතන චෝදනාවකට වරද කරු කරමින් එක්සත් ජනපද සහයෙන් පිහිටවූ ඉරාක රජය ගෙනගිය අධිකරණමය ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසය).  සාමය කෙසේ වෙතත් අද පවා ඉරාකය තුල තැනින් තැන බෝම්බ පුපුරයි.

ලිබියාව ද මෙවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වීමේ ඉඩකඩ පවතී.ගඩාෆි ගේ සහ බටහිර රටවල බල තණ්හාව නමැති ගිරයට හසුවී තැලී පොඩිවී යනනේ ලිබියානු සාමාන්‍ය  ජනතාවයි.පළමුව තම රට ජනතාව වෙනුවෙන් තම බලය අතහැර කැප කිරීමක් කිරීමට ගඩාෆිට හැකියාව තිබිණි. ඔහුට ජනතාව ආදරය කරන්නේ නම් ප්‍රජාතන්ත්‍ර වාදී පිලිවෙතකින් (මැතිවරණයක් හරහා) නැවත බලයට පත්වීමට ද ඔහුට අවස්ථාව තිබිණි. එක්සත් ජනපදයට ද ඇත්තේ ලිබියානු ජනතාව කෙකරෙහි සැබෑ කැක්කුමක් නම් ඔවුන් විනාශ කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරනු වෙනුවට සාමකාමී මැදිහත් වීමක් කර (එවන් මැදිහත් වීමක් අත්‍යාවශ්‍ය නම්) ජනතාවට සාධාරණය ඉටු කරනු ඇත.

මේ දෙකින් එකක් වත් සිදු නොවේ.සිදුවන්නේ විනාශය ම පමණකි.ලිබියානු ජනතාවට සාමය උදාවේවා යයි පතමු!

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 25/03/2011, in කාලීන, මතවාද. Bookmark the permalink. 4 Comments.

  1. ලිබියානු ජනතාව වැටුනේ කබලෙන් ලිපට.ගඩාෆිගෙන් බේරෙන්න යද්දි තවත් ඒ වගේම උගුලකට වැටෙන්න යන්නේ.

  2. ස්තුතියි සහෝදරයා, ඔබගේ අදහස් දැක්වීමට.

  3. මේඝය සුදු කිව්වට ,සුදු අලේප කර තිබුනට ,පැත්තක් නොගෙන වගේ ලිව්වට ,මේඝය ඇතුලත සිංහල වර්ගවාදී පුසුබකුත් හමනවා වගේ !මේඝය කියන්නෙත් රැවුල කපන වදුරෙක්ම තමා!

    • ප්‍රශ්නයක් නෑ මිත්‍රයා ඒ ඔබ දකින විදිය නේ.දිගටම මේඝය කියවන්න මගෙන් ඇරැයුම්!

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: