සජිත් සහ වලහා ගේ මිතුරා

අතීත කතාව

මිතුරන් දෙදෙනෙකු දිනක් යම් කටයුත්තක් සඳහා ඝන කැලෑවක් මැදින් ගමන් කරමින් සිටියහ.හදිසියේ ම මේ දෙදෙනා ඉදිරියෙන් දැවැන්ත වලහෙක් එනු දෙදෙනාම ඈත තියා දුටහ.මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකුට ගස් නැගීමට හැකි අතර අනෙකාට නොහැකිය.ගස් නැගිය හැකි මිතුරා වහා උස් ගසකට නැග වලහාගෙන් ආරක්ෂාව සලසාගත්තේ තම කළණ මිතුරා ගැන කිසිඳු තැකීමක් නොකරය.වලහාගෙන් බේරීමට අන් මගක් නොදුටු දෙවැනි මිතුරා මළාක් මෙන් හුස්ම ද තද කොටගෙන පොළව මතම වැතිර සිටියේය.ඔහු අසලට ආ වලසා ඔහු වෙත නැඹූරැ වී ඉව කොට මළ මිනියකැයි සිතා එතැනින් ඉවතට ගියේය.(වලසුන් සතුන් මරා මිස මළ සතුන් නොබුදින්නේලු).පළමු මිතුරා ගස උඩ සිට මේ සියල්ල බලාගෙනය.වලහා ඈත්ව ගිය පසු ගසින් බැස මිතුරා ළඟට ආ ඔහු මෙසේ ඇසුවේය.

“මොකක් ද යාලුවේ අර වලහා උඹේ කණට කරල කිව්වේ?”

“ආ…… ඌ කිව්වෙද? ඌ කිව්වා විපතේ දී අතහැර යන යාලුවෝ ආශ්‍රය කරන්න එපා කියලා.”

වත්මන් කතාව

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කෙල හලමින් සිටින සජිත් ‍ප්‍රේමදාස මහතා පසුගිය දෙසැම්බර් මස පැවති පක්ෂ නිළවරනයේදී පක්ෂයේ ඉහලම තනතුරු සඳහා තමා ඇතුලු කණ්ඩායමක් ද ඉදිරිපත් කළේය.ඒ තමන් නියෝජ්‍ය නායක ධූරයට, කරු ජයසූරිය මහතා නායක ධුරයට, දයාසිරි ජයසේකර මහතා ප්‍රධාන සංවිධායක ධුරයට ආදීවශයෙනි.කෘත්‍යාධීකාරීමණ්ඩලය තුල ජනමතය හොදින්ම දැනසිටි සජිත් මහතාට තම ජයග්‍රහණය ගැන සැකයක් නොතිබෙන්නට ඇත.ඡන්ද ප්‍රතිපල අනුව සජිත් පිලේ සජිත් මහතා පමණක් ජයගත් අතර කරු ජයසූරිය මහතා මෙපමණ කල් දැරූ තනතුරෙන් ද ඉවතට විසිවී පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයේ කිසිදු තනතුරක් අහිමිව සිටී නන්නත්තතාර වී ගියේය.

ඔහුට නැවත කෘත්‍යාධීකාර මණ්ඩලයේ තනතුරක් ලබාදීමට සජිත් කිසිදු මැදිහත්වීමක් කළේ නැත.

අනාගත කතාව

මැයි පළමු වෙනිදා සියලු දේශපාලන පක්ෂ මැයි දින රැළි පවත්වා තම ශක්තිය රටට පෙන්වති.එක්සත් ජාතික පක්ෂය තම මැයි දින රැළිය යාපනය නගරයේ පවත්වන්නට තීරණය කරඇත.නමුත් සජිත් ප්‍රේමදාස මහතා, මැයි දිනයක දී ඝාතනයට ලක්වූ හිටපු ජනාධීපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අනුස්මරණ උත්සවය මැයි දියන දා කොළඹ දී පවත්වයි.මැයි දිනය දා යාපනයේ රැළියට සහභාගී නොව සංවිධායකවරුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව පක්ෂය කියයි.දෙපිරිසම තම උත්සවයට සංවිධායකයන් හා පාක්ෂිකයන් ගෙනයාමට වලිකනු පෙනෙයි.

සජිත් මහතා සහ දිලිප් මහතා පමණක් මැයි පළමු වෙනි දා ප්‍රේමදාස ගුණ සමරුවට යාමට පක්ෂයෙන් අවසර ගෙන ඇතැයි පක්ෂ ලේකම් අත්තනායක මහතා පවසයි.තමන් අවසර නොගත් බවත් දැනුම්දීමක් පමණක් කළ බවත් සජිත් මහතා මොරදෙයි.(එතැන ඇත්තේ වචන වල වෙනසක් පමණි).

කෙසේ වුව ද අවසන කියූ පරිදි විනය ක්‍රියාමාර්ග ගතහොත් සජිත් හා දිල්ප් පමණක් රැකෙනු ඇත.සජිත් ගේ අනුගාමිකයන්ට කුමක් වේද?.

About these ads

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක් මි

Posted on 28/04/2012, in කාලීන. Bookmark the permalink. 9 Comments.

  1. යාපනේ වගේ දුරකට සජිත්ට වඩා සෙනඟක් ගෙන්න ගන්න පුලුවන් නම් රනිල් ලොක්කගේ පැත්තෙන් ලොකු ජයක් , හැබැයි රනිල්ට කරන්න තිබුනේ ඕක නෙවෙයි . කොලඹම මැයි රැලිය තියල (දෙමල සංධානය ඇතුලු පොදු විපක්ෂය වශයෙන් ) ,කොලඹ තිබුනා නම් එනවය කියන කට්ටිය ඇත්තටම එනවද නැද්ද කියන එක රටට පේන්න අරින්න

  2. //සජිත් හා දිල්ප් පමණක් රැකෙනු ඇත.සජිත් ගේ අනුගාමිකයන්ට කුමක් වේද//මට මතක් උනේ අනුර බණ්ඩාරනායකව.මිනිහා හත් අට දෙනෙක් එක්ක විපක්ෂෙට යනවා.ටික දවසකින් අනුර ආයේ තනියම ආපහු එනවා.ගියපු උන්ට කෙලවෙනවා.ඕක කීප පාරක්ම උනා.

    • මට මතක හැටියට අනුර ගේ අවසා‍න පිල් මාරුවේදී අනුර විතරක් රැවටුණා.මුලදි එනවයි කියපු කවුරුත් එයා එක්ක ආවේ නෑ.

  3. මැස්සාගේ බ්ලොග් එකත් හැක් වෙලාද???

    • ඇත්තටම කෝ ඇටමැස්සා ?

      • ```Outsider```

        ආගිය අතක් නැත. එහෙත් නිතර අප්ඩේට් වෙන දේශපාලන බ්ලොග් දෙක තුනකින් එකක් නැති වීම පාඩුවකි. විශේෂයෙන්ම ජයශ්‍රීට විශාල පාඵවක් දැනෙයි නේද?
        මෙසේ මීට පෙරත් දේශපාලන බ්ලොග් කිහිපයක් අතුරුදහන් වීමත් සමග ඒව ලියපු අයද අතුරුදහන් විය. ඇටමැස්සාවත් එසේ නොකර වෙනත් බ්ලොගයක් හරහා හෝ ලියන්නේනම් වැදගත්ය.

  4. ```Outsider```

    සජිත් කවද හරි රටේ නායකය වුණොත් එයත් එක්ක යන ජනතාවටත් වෙන්නෙ ඔය ටිකම වෙන්න බොහෝ ඉඩ කඩ තියෙනව.

  5. @විශේෂයෙන්ම ජයශ්‍රීට විශාල පාඵවක් දැනෙයි නේද?
    පැහැදිලිවම.රංඩු වෙවී යාලු වෙවී හිටපු බ්ලොග් ලොවේ හොදම මිත්‍රයෙක්.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 28 other followers

%d bloggers like this: