අද එතුමා සිටින්නේ නිසි තැන නොවේ

උත්තරීතර අධිකරණයට ගරුකරනා බැවින් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවට වරදකරු කර ඔහු තවත් වසර 3 කට සිරගත කළ (ඒකමතික නොවු) නඩු තීන්දුව පිලීඔඳ විවේචනය කිරීමට මේ අවස්ථාව යොදා නොගනිමු.නමුත් මේ පිටිපස ඇති අධිකරණයෙන් පරිබාහිර කාරණා විමසා බැලීම සඳහා අවකාශය වෙන් කරගැනීම කාලෝචිත බැවින් අප ගතවූ වසර කීපයකට අතීතය දෙස ආපසු හැරී බලමු.

සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූයේ ඊට කිසිදු ලෙසකින් හෝ සුදුසු අවස්ථාවක නොවේ.කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් මුලුමනින්ම පරදවා තිබූ එ සමයෙහි පොදු ජන මතය තමාට 100% ක්ම පක්ෂව පවතිනු ඇතැයි ෆෝන්සේකා මහතා තක්සේරු කරන්නට ඇත.ඔහුගේ පැත්තෙන් එසේ සිතීම සාධාරන වුව ද ඔහුට අමතක වූ (අමතක කළ?) කාරනය වූයේ යුධ ජයග්‍රහයට ඍජුවම අයිතාවාසිකම් කියන තවත් පාර්ශව කීපයක් ම සිටින බවයි.එයින් ආරක්ෂක ලේකම්තුමා, නාවික හමුදාපති තුමා, ගුවන් හමුදාපති තුමා, යුධ හමුදාවේ ම අනෙකුත් නිළයන්, පොලිස් හා සිවිල් ආරක්ෂක සේවා ප්‍රධානින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදාල නැති බැවින් අමතක කර දැමුව ද, සේනාධිනායක වූද රටේ යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමේ නිසි බලධරයා වුද විධායක ජනාධිපතිවරයා අමතක කරදැමීම ඔහු කළ වරදයි.යුධ ජයග්‍රහණයේ උණුසුම පවතිද්දීම ඊට දේශපාලනමය වශයෙන් නායකත්වය සැපයූ ජනාධිපතිවරයා ගෙදර යවා ඒ අසුනේ යුධහමුදාපතිවරයා වාඩිවීම ප්‍රායෝගික නොවන්නක් බව ඔහු විසින් වටහාගත යුතුව තිබුණි.මේ වරදට ඔහු පොළඔවා ගත්තේ එ.ජා.පක්ෂය  සහ ජ.වි.පෙරමුණයි.තනි අශ්වයෙකු ගේ සටනක් වන්නට තිබූ ජනාධිපතිවරණය මගහැර යාමට ඒ පක්ෂ දෙක යොදාගත් (අතිශයින් සාර්ථක වූ) උපාය වූයේ පොදු අපේක්ෂකයෙක් ලෙස සරත් ෆෝන්සේකා මහතා ඉදිරිපත් කිරීමයි.එපමණක් නොව යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නයාට අඳු කොළ මෙන් පිලිකෙව් කළ දුෂ්ඨ බලවේග රාශියක් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ගේ අසහාය ගැලවුම් කරු ද අතිජාත කලණ මිතුරන් ද වී ඔහු වටා එක්රැස් වූයේ කපන්නට බැරි වු අත ඉබීමට නොව කැපීමට මය. පිරබාහිරන් විනාශ කිරීම සදහා අත්වැල් බැඳ සිටි පාර්ශව අතරින් වෙන්කරන ලද ෆොන්සේකා මහතා අනෙක් පාර්ශවයේ ප්‍රභලම සතුරා බවට බෞතීස්ම කර තිබිණි.මෙය කරවන ලද්දේ කළකට පෙර බෙදුම්වාදයට ද කොටි සංවිධානයට ද ඍජුවම සහය දැක්වූ පාර්ශව විසින් බව අවධාරනය කල යුතුය.

එය එසේ වුව ද මැතිවරණ ප්‍රතිඵල හරහා මෙම යථාර්තය ජනතාව විසින් ම පැහැදිලි කරදුන් නමුත්  ඉදිරියට තැබු පය පසුපසට ගැනීමට එතුමාට හැකියාවක් නොතිබිණි.එතුමා වටා සිටි වලහාගේ මිතුරන් ක්‍රමක්‍රමයෙන් එතුමාගෙන් ඉවත් වූ අතර එතුමාට අවසන සිදු වූයේ සියල්ල තනිව විදදරාගනිමින් වුයේ පාලු සිරගෙයක් තුල හුදෙකළා වීමටය.

කෙසේ වුවද කොටි ත්‍රස්තවාදයෙන් මව්බිම ගලාවාගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල මෙතුමාට වැලිකඩ බන්ධනාගාරය කිසිදු ලෙසකින් වත් නිසි තැන නොවේ.අපට නිදහස ලබා දුන් එතුමා සිටින්නේ සිරගත ව නම් අපට හැගෙන්නේ අප ද සිරගතව සිටින බවකි. එතුමාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබාදිමට අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම සඳහා මේඝය නොපැකිල ඉදිරිපත් වන්නේ එබැවිණි.

මේඝය මේ මාර්තෘකාව සම්බන්ධයෙන් මීට පෙර පල කරන ලද ලිපි දෙකක් පහත යොමුව ඔස්සේ කියවන්න.

සාජහන්, කාශ්‍යප හා තවත් නොනිමි කතාවක්

පොදු සතුරාට එරෙහිව සමගි වෙමු

About these ads

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක් මි

Posted on 20/11/2011, in කාලීන. Bookmark the permalink. 10 Comments.

  1. 100% එකඟයි. අඩුම වශයෙන් ප්‍රජා අයිතිය අහිමි කොට. නිවාස අඩස්සියේ වත්…

  2. මට හිතන්නේ අන්තිමේ දී කොටින්ටත් සන්තෝසවෙන්න පුලුවන් දෙයක් වුනාය කියලාය.

    —————————————-
    The great defense against the air menace is to attack the enemy’s aircraft as near as possible to their point of departure.
    ~ Winston Churchill

  3. ජයශ්‍රී කියන්නේ සරත් ෆොන්සේකා ජනාධිපතිවරණෙට ඉදිරිපත්වීම වැරැද්දක් ඒ නිසායි මේ දඬුවම ලැබුනේ කියන එකද?

    ප්‍රජාතාන්ත්‍රික රටක ජනාධිපති අපේක්ෂක සුදුසුකම් සපුරන ඕනෑම කෙනෙකුට ජනාදිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමේ පූර්න නිදහස තියෙන්න ඕන බව ජයශ්‍රී පිලිගන්නේ නැද්ද?

  4. @maathalan – මමත් එකගයි ඔබත් සමග
    @ Ra – ඇත්ත කොටින් සතුටින් සිටීම අපේ අවාසනාවයි
    @දුකා – කොහෙත් ම නෑ දුකා.වරද ඔහු ඉදිරිපත් වුණේ අනවශ්‍ය මොහොතක.ජනතාවට ඔහුව අවශ්‍ය දවස එනකම් ඔහුට ඉවසන්න තිබ්බා.(මේ වෙනුවෙන් ඔහු කලට පෙර රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තා).ඔහුගේ හදිසිය නිසා සිදුවූයේ අවස්ථාවාදී දේශපාල පක්ෂ ඔහුව පාවිච්චි කර තමන් ගොඩයාම පමණයි.

  5. දේශපාලන පක්ෂ ගොඩ ගියේ නැහැ , ජවිපේ කැඩෙන්න මූලික හේතුවක් පොදු අපේක්ෂකය , එජාපයට අලියට පිටින් යැමේ අවශ්‍ය තාවයක් කොහොමටත් නැ , ගොඩ ගියේ රනිල් ලොක්ක විතරයි . කොහොම උනත් ජනාධිපති සමාවක් කියන්නෙ නම් ෆොන්සේකා මහත්තයට අපහාසයක් බවටයි මේ වෙනකොට පරිසරය සකස් වෙලා තියෙන්නෙ . දේශපාලනිකව අසාර්ථක චරිතයකට නිදහසේ ඉන්න නොදී හිරේ දාල ඔහුව වීරයෙක් කරලයි තියෙන්නෙ . බලාගෙන ඉමු !

    • නෑ බුවා.ජ.වි.පෙ හිටියේ අසීරු අඩියක.ජනපතිවරණය විතරක් නෙවෙයි පස්සේ තිබ්බ මහ මැතිවරණයත් ඔවුන් ගොඩදාගත්තේ ෆොන්සේකා මහතාට පින් සිද්ධ වෙන්න.සන්ධාන ගත නොවුණා නම් ලැබෙන මංත්‍රී ධූර ගනණ තවත් අඩුවෙනවා.

  6. ```Outsider```

    සරත් ෆොන්සේකාට දිනන්න බැරි අවස්ථාවක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව කියන ඔබේ පිළිගැනීම සමග එකඟයි.
    (ඔහු හමුදා නිළධාරියෙක් මිස දේශපාලයේ තියෙන දුෂ්ඨ ස්වරූපය ගැන මනා අවබෝධයක් ඔහුට තිබුණේ නෑ. මන්ද සැමවිටම ඔහු ඒ දක්වා සිට ඇත්තේ පීඩකයාගේ පාර්ශ්වයේ බැවිනි. යුද්ධය සමයේ වුව පීඩිතයාගේ පාර්ශ්වයන් ගැන කතා කරන්නන් පවා ඔහුට වහ කදුරු වුණා.)
    එහෙත් එබඳු මැතිවරණයකදී දිනන්නේ එක් අයෙක් පමණයි. ඒ සඳහා තරඟ වැදීමට සුදුසුකම් සපුරන කාට වුණත් අයිතියක් පවතියි. එබැවින් ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම පිළිබඳ ගැටඵවක් තිබිය නොහැක. ඔබ කියන දේත් තවත් පැත්තක්ද ඇත. මැතිවරණ ප්‍රතිඵල හරහා ඔහු ජනපතිවීම අපේක්ෂා කල පිරිසද ඉහළ ප්‍රතිශතයක් ගනියි. ඇත්තෙන්ම තනි අශ්වයාගෙ රේස් එකක් වුණානම් වෙනසක් අපේක්ෂා කරන ජනතා කොටසකට බලාපොරොත්තුවක් වත් නැති තත්වයකට ඇද වැටෙන්න ඉඩ තිබුණා. ඒත් අවසාන වශයෙන් කලෙක තමාද ‍පෙනී සිටි සටකපට, දුෂ්ඨ දේශපාලයේ ගොදුරක් බවට අද ඔහුවම පත්ව සිටියි. ප්‍රසිද්ධියේ මිනීමරන්නවුන් පවා රාජ්‍ය රැකවල් ලබන තත්වයක් තුළ ඔහුට සිරබත් කන්න සිදුව ඇත්තේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වූ මැතිවරණ අපේක්ෂකයෙක් වීමයි. කලෙක තමාද අනුමත කල දේශපාලනය කෙබඳුද යන්න තේරුම් ගැනීමට මේ සිර දඩුවම ඔහුට ප්‍රයෝජනවත් වෙයි. දේශපාලන සිර දඩුවම් කියන්නෙ නොවදැගත් පුද්ගලයන් වුව වීරයන් බවට පත් කල හැකි සාධකයක් නිසා එය ඔහුට ඉදිරි‍යේදී වාසියක් විය හැක.

    • @ඔහු ජනපතිවීම අපේක්ෂා කල පිරිසද ඉහළ ප්‍රතිශතයක් ගනියි – ඒක නම් මට සැකයි.මීට පෙර ජනපතිවරණයේ රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා වූ වික්‍රමසිංහ මහතා, මෙවර ෆොන්සේකා මහතාට වඩා ඡන්ද ගත්තා.
      ඔබ කියන්නාක් මෙන්ම, ෆොන්සේකා මහතා තවත් මැන්ඩෙලා කෙනෙකු වී සිපිරිගෙයින් එලියට ඒමට ඉඩ තිබෙනවා.

  7. “සුද්දා එදා මොනවා හිතුවත් ඔවුන්ගෙන් වෙඩිකෑ ශ්රීමත් හෙන්ද්රි පේද්රිස් වැන්නන් හා අනෙකුන් අද හා ඉදිරියටත් වීරයින්ම වන්නෝය. ඉතිං ඊයේ සිද්දියෙන් හිරගතකල, ආදියේ සිටි වීර වරයින් මෙන්ම හිරබත් කමින් අනේක විද දුක් විඳින ජෙනරල් තුමා, අනාගතයේ දී සර් ඩී බී හෝ එවැනි තවත් නායකයෙකු මෙන් වීරයෙකුව ඉතිහාස ගත නොවේවි යැයි කෙසේ නම් අපට කිව හැකිද ?”

    ඊයෙ, අද සහ හෙට………..http://emailkavikaari.blogspot.com/2011/11/2_18.html

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

Join 28 other followers

%d bloggers like this: