අභියෝගයකි!

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (4) . මෙය පාඨක ඔබට තවත් එක් අභියෝගයකි.උත්සහා කරන්න , අභියෝගය ජයගන්න.

උපකාරක පද

හරහට

 

 

 

පහලට

 

 

       
1 සමාන නැති 1 නම්බු නාමයකි
4 සිත 2 සංඥා
5 බෝධිසත්ව ජන්මයකි 3 අනාගතයේ
8 ගස් 4 පළමු ගුරුවරුන්
9 ඇස නමැති මැණික 6 සිතූ පැතූ සම්පත් ළඟාකර දෙයි
12 ගොවිතැන් කරන කන්නයකි 7 යොවුන්
14 සිහියට නගන 10 නිරයට සම්බන්ධය
15 සවිමත්ව තිබිය යුත්තකි 11 රජුන්
16 දැන් දැන් කැළණි ගං පතුලෙන් ද හමුවේ 13 ලැබුණ
17 පුරාණ කාලයක 15 ආභරණයකි 
19 උපත්             16 මාර දූවරුන්ගෙන් කෙනෙකි
21 උපත හා සම්බන්ධ වදනකි       18 ධසරත ගේ පුත්
 22  අටලෝදහමින් එකකි             19 ප්‍රථම ද්වේවාචික උපාසකයා
                20 අතීතයේ දී සන්නිවේදන කටයුතු වලට
                   මෙන්ම දඬුවම් දීමට ද භාවිතා විය


මේඝය බ්ලොග් ප්‍රහේලිකා (3) – විසඳුම

ෆොන්සේකා නිදහස් – වීම ගැන අදහස්

ලේඛකයා මෙන්ම මුලු රටම කලක් තිස්සේ දකිමින් සිටි සිහිනයක් නොබෝදා සැබෑ විය.ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිපිරිගෙයින් නිදහස් වීමයි.

ඒත් මේ නිදහස ගැන පැනයන් කීපයක් පුහුදුන් මනස තුල ඇති විය.පහත පෙල ගස්වා ඇත්තේ ඒවාය.

1.ෆොන්සේකා මහතා තම සිරකාලය නිමවා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේලු.එනිසා ඔහුට ලක්ෂ 10 ක ඇප නියම විය.එසේ නම් ඇත්තටම (ඇප අනුමත කිරීමට) නිදහස ලැබුවේ විනිසුරුවරයා ද?

2.ඔහු නිදහස් කළේ නිදොස් කොට ද එසේ නොවේද?

3.සුදු කොඩි නඩුව හා තවත් නඩුවකට (සමාවන්න අමතක වීම ගැන) තමා විසින් ඉදිරිපත් කළ අභියාචනා ඔහුගේ නීතිඥයන් විසින් ඉල්ලාඅස්කර ගත්තේය.එසේ නම් අනෙක් නඩු වලට වන්නේ කුමක්ද?

4.ඔහුට හිමි ව තිබූ පසුව අහිමි කළ ජෙනරාල් පදවිය හා විශ්‍රාම වැටුප යලි හිමිවේද නොවේද?

5.එතුමාට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදිය හැකිද?

6.මේවාට පිළිතුරු ජනමාධ්‍ය වල හෝ පල නොවන්නේ ඇයි.

සිංහල බ්ලොගයක අවසානය කෙසේ සිදුවේද?

ජීවීන් වන අප ඉපිද යම් කාළයක් මොලොව ගතකොට මිය යන්නෙමු.ඒ කාහටත් පොදු ස්වාභාව ධර්මයේ නීතියට අවනතවය.නමුත් සමහරෙක් මේ නීතියට අවනත නොවී කාලයේ ද මියයති.සමහර විට ඒ මාරාන්තික රෝගයක් නිසා වියහැක. නොඑසේනම් හදිසි අනතුරු නිසා ද වියහැක.මුල් අවස්ථාවන්ට වඩා විරල ලෙස සියදිවි හානිකරගැනීම නිසා ද  ඉතාම විරල ලෙස මරණ දඬුවමක් ක්‍රියාත්මක  වීම නිසා ද කෙනෙකුගේ මරණය සිදු වියහැක.

ඒ පුද්ගලයෙක් ය. සජීවී සන්නිවේදන මාධ්‍යයයක් වන වන බ්ලොගයක් (එහි කර්තෘගෙන් ස්වායත්ත වෙනම ඒකකයක් ලෙස සලකූ විට) මියයාහැක්කේ කෙසේද?

මේ පැනය විමසීමට ආසන්නතම හේතුව මෑතක සිදුවූ ඔබ්සර්වර්  බ්ලොගයේ රචක සනත් විජයවර්ධන මහතා ගේ හදිසි අභාවයයි.කතුවරයා ජීවතුන් අතර නැත ද බ්ලොගය නිහඩවම නොනැසී පවතී. එකම වෙනස නව ලිපි එක්වී එය යාවත්කාලීන නොවීම පමණකි.

සිංහල බ්ලොග් අවකාශයේ වසරකට මදක් වැඩි අත්දැකීම් වලින් බ්ලොගයක අවසානය සිදුවිය හැකි විකල්ප ක්‍රම පිළීඹද කල විමසුමකි මේ.

1.කතුවරයා විසින් ම කලින් දැනුම්දී බ්ලොගය නතර කර මකා දැමීම

බ්ලොග්කරනය පිළඹඳ හෝ වෙනයම් කලකිරීමක් නිසා හෝ බ්ලොග්කරනය හැර වෙනත් මාවතකට පිවිසීම නිසා හෝ මෙවන් දෙයක් සිදුවිය හැක.පෙරමුණ් රාළ ගේ අටුවාව නතරකර දැමුවේ මෙලෙසය.එය නතර කිරීමට පෙර අවසාන පෝස්ටුවක් මගින් පාඨකයාට දැනුම්දීමක් ද කළ අතඊට ලැබුණ ප්‍රතිචාර වලට කතුවරයා විසින් පිලිතුරු බැඳීම ද සිදුවිය.එසේම අවශ්‍ය පාඨකයෙකුට බ්ලොග‍යේ ලිපි බාගැනීමට ද අවකාශය ලබා ‍දී එය අවසන් ගමන් ගියේය.මෙය බොහෝදුරට සැලසුම් සහගත ක්‍රියාවක් මිස අහම්බයක් නොවේ.

උඩරට පලාත් වල ජීවදානය (ගෝදානය) නම් අපූරු චාරිත්‍රයක් වේ.තම ජීවිතයේ සියලු කළ යුතු යුතුකම් ඉටු කොට ජීවිත ගමනේ අවසානයට කිට්ටු වී සිටින කෙනෙක් (සමහර විට අඹුසැමියන් දෙදෙනාම) තමන් ජීවත්ව සිටියදීම මරණයට සූදානම්ව තමන් උදෙසා ම සාංඝික දානයක් දීම මේ චාරිත්‍රයයි. මෙහිදී සියලු නෑදෑ හිතවතුන් ද දානමය පුණ්‍යකර්මයට සහභාගීකරගෙන ඒ අයගෙන් සමුගැනීම සිදුකරයි.

2. කතුවරයා විසින් ම කලින් දැනුම් නොදී බ්ලොගය නතර කර මකා දැමීම

කතුවරයාම බ්ලොගය නවතා දැමීම හා ඒ පිලිඹදව කිසිදු ප්‍රකාශයක් නොකර සිටීම.මේය පාඨකයන් තුල කුතුහලය වඩන අතර අවිවාදයෙන් ම අභිරහස් සහගත සිදුවීමක් ලෙස හැදින්විය හැක.ඇටමැස්සාට වූයේ මෙය ද ? එය සැකයකි!

3. කතුවරයා විසින් ම කලින් දැනුම් නොදී බ්ලොගය නතර කර මකා නොදැමීම.

බොහෝ විට මෙය සිදුවන්නේ කතුවරයා ගේ අවිවේකී බව නිසාමය. එමෙන්ම කතුවරයා වෙනත් බ්ලොග් වල ප්‍රතිචාර කරුවන් ලෙස පෙනීසිටීම ද අපි දැක ඇත්තෙමු.බ්ලොගයේ නිහැඩීයාව යම් කෙටිකලකට පමණක් සීමා වී යලි බ්ලොගය සජීවී වීම ද අප අත්දැක ඇත්තෙමු.

4 කතුවරයා විසින් ම කලින් දැනුම් දී බ්ලොගය නතර කර මකා නොදැමීම.

මේ නම් සත්‍ය වශයෙන්ම නිද්‍රාවට පත්වීමක් ම පමණෙකි.මෑත දිනයෙක මාතලන් මෙවන් තාවකාලික සමුගැන්මක් කලේය.

5.බාහිර පාර්ශවයක් විසින් අත් අඩංගුවට ගෙන ඝාතනය කිරීම

බ්ලොගයක් ලක්විය හැකි කෲරතරම ඉරණම මෙයයි.හැක් කිරීම නම් තාක්ෂණික පදයෙන් ද හැදින්වෙන්නේ  මෙයයි.පුරේගාමී බ්ලොග් රචක ටැබූ තම Taboo Subjects බ්ලොගය ලක් වූයේ මෙම ඉරණමට යයි පුන පුනා ප්‍රකාශ කළේය.එමෙන්ම එය සිදු කළ අය යයි සැකකරුවන් පිරිසක් ද විවිධ පාර්ශව විසින් නම් කරන ලදී.එමෙන් ම එම මතයට එරෙහි වූවන්ද සිට අතර ඒ අය තර්ක ‍කළේ ඉහත දැක්වූ දෙවන ක්‍රමයට  Taboo Subjects අභාවය සිදු වූ බවයි.

කෙසේ වුවද Beyond the frame බ්ලොගය පැහැදිලිවම මේ ඉරණමට ලක් වූ බැව් කිවහැක.ඒ එය මුලුමනින්ම නතර වීමට පෙර සදාකාලිකව එහි පලවූ ලිපි වලට හාත්පසින් ම වෙනස් මතවාදයක ලිපි කීපයක් ම පලවීමයි.ඒ කඩාකප්පල්ලාකාරීන් ගේ ග්‍රහණයට ලක් වූ බවට කදිම සාක්ශියකි.

සියලු ජීවීන්ට මෙන්න බ්ලොග් වලට ද තම ආයුකාලය අවසානයේ ගෞරවාන්විත මරණයක් උරුම විය යුතු බවඅපි අදහමු.

මා දෑසේ වේදනා – මතුකරපු චෞරයා

මා දෑසේ වේදනා ගීතය මුල්වරට සවනත වැකුනේ එහි පද වල අරුත් පවා හරිහැටි නොතේරෙන කුඩා අවදියේ ය.අර්ථය නොතේරුන ද එදා පටන් ම එම ගීතයට ප්‍රිය කළේ රෝයි පීරිස් නම් ගායකයා එය ගැයූ ශෝකී රාවයත් එහි සංගීතයත් තදින් සිතට වැදුන නිසාය.(රෝයි පීරිස් ගයන “අම්මේ යන්න එපා දුරු රටකට”, “හද සාගරේ”, “ඔබ නෑසූ කතාවක්” ආදී  අදටත් ජනප්‍රිය ගීත පුද්ගලිකව ලේඛකයාගේ ද ප්‍රියතම ගී ලැයිස්තුවේ ඉහලින්ම සිටී)

අදටත් නව්‍යතාවයකින් රසවිඳිය හැකි මේ ගීතය (මා දැසේ වේදනා) ගැන කතා කිරීමට සිදුවූයේ එක්තරා චෞර සුපිරිතරුවක් මේ ගීතය නැවත ගායනා කිරීමය.ඒ එහි මුල් ගායකයා වන රෝයි පීරිස් ගේ කිසිදු අවසරයකින් තොරවය. එපමණක් ද නොව මේ සම්බන්ධව රෝයි තම විරෝධය ද පලකොට තිබියදී රෝයි විසින් ම වසර 20කට පසු මේ ගීය නව සංගීතයට ද ගයා තිබීයදී, මේ චෞරයා එම ගීය (තමාගේ මෙන්) රිගින් ටෝන්ස් වලට ද ගයා අසීමිත ලෙස මුදල් උපයයි.

මේ කාළකන්නි සිද්ධිය මගින් පෙන්නුම් කරන්නේ සුපර්ස්ටා හරහා බිහිවන ඊනියා තරු, බංකොලොත් නිර්මාණකරුවන් පමණක් ම නොව මානුශික හා සදාචාරාත්මක සීමා ද අතීක්‍රමණය කර මුදල් පසුපස හබා යන මංකොල්ලකරුවන් පිරිසක් බව නොවේද? (එක අතකට බාල පෙට්‍රල් ගෙනා නිළධාරීන්, ඊට දඬුවම් නොලැබ යලිත් බාල ගුවන්යානා තෙල් ගෙන්වීමට වරම් ලබන රටක, අධිආරක්ෂක කලාපයේ ඇති කෞතුකාගාරය පහසුවෙන් හොරු බිඳින රටක, ආධුනික කළාකරුවන් ද සොරුන් හෝ වංචනිකයන් වීම පුදුමයක් ද නොවේ).

සුපර්ස්ටාර් ගායන තරග වලින් ජයලබා දොරට වඩින්නෝ කවරහුද?මේ නම් ගායනයෙහි දක්ෂයෝ බවට ලේඛකයාට වාදයක් නැත.දහස් ගනණක් අතරින් තේරී, විනිශ්චය මණ්ඩලයක විනිශ්චයට ලක්ව නිවැරදිව ස්වර හා අලංකාර ගයන, නිසිලෙස සෘතියේ පිහිටා ගීත ගයන මේ තරඟකරුවන් ගේ ගායන කුසලතාව ගැන ගැටලුවක් නැත.(අවසන් තීරණාත්මක අදියර වලදී සුපිරිතරු තෝරන SMS මනාප ක්‍රමයට ආවේණික දූෂණ ආදිය මදකට පසෙකින් තබමු) එසේනම් ගැටලුව ඇත්තේ කොතැනද?ගායනයේ දක්ෂයන් මේ සුපර්ස්ටාර් තරඟ හරහා බිහිකළ (තෝරාගත) හැකි වුව ද දක්ෂ සංගීත නිර්මාණ කරුවන් හෝ නිර්මාණ මෙලෙස (කෘතිමව ?) කිසිවෙකුට බිහි කළ නොහැකි වීමයි.උදාහරණයක් ලෙස මාදෑසේ වේදනා සොරකම් කළ සොරදෙටුවා මීට වසර කීපයකට පෙර තමන්ම ගීත ලියා, තමන්ම තනු නිර්මාණය කොට, තමන්ම ගයමින් ගීත ඇල්බමයක් නිතුක් කළේය.මෙහි සාමාන්‍ය ශ්‍රාවක හද දිනාගැනීමට සමත් වූ එකද ගීයක් හෝ නොතිබිණි.

ලංකාවේ (මෙන්ම ඕනෑම රටක) දක්ෂ ගායකයන් ඕනෑ තරම් සිටිනමුත් දක්ෂ ගීතනු නිර්මාපකයින් සිටින්නේ අතලොස්සකි.නම් වශයෙන් කිවහොත් පණ්ඩිත් අමරදේව, ප්‍රේමසිරි කේමදාස, වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, එච්.එම් ජයවර්ධන, ගුණදාස කපුගේ, ෂෙල්ටන් ප්‍රේමරත්න, ඔස්ටින් මුණසිංහ, සරත් ද අල්විස්, සරත් දසනායක, නවරත්න ගමගේ, එඩ්වඩ් ජයකොඩි  ආදීන් හැරුනු විට රූකාන්ත ගුණතිලක,(මේ ලිපියට මාර්තෘකාවන ගීය නිර්මාණය කළ) නිහාල් ගම්හේවා, ශර්ලි වෛජයන්ත, ආන්නද පෙරේරා, චන්න ජයනාත් ආදී අතලොස්සක් පමණි  දක්ෂ තනු නිර්මාපකයින් අපට (සිංහල සංගීතයට) සිටිනුයේ.

රූපවාහිනී නාලිකා කීපයකින් සුපිරි තරු පමණක් නොව මුල් ස්ථාන 10 හෝ 20 අතරට එන “ජනප්‍රිය-සුපිරි” ගායකයින් බුරුතු පිටින් බිහිවන සීග්‍රතාවයට සමානුපාතිකව දක්ෂ සංගීතවේදීන් හෝ සංගීත නිර්මාණ බිහිවීමක් සිදු නොවේ.

ශිහාන් අනුන්ගේ ගීයක් සොරකම් කොට ගයන්නේ මේ නිසාය.සුපර්ස්ටාර් වේදිකාවේදී මාධ්‍ය විසින් අනවශ්‍ය ලෙස පුම්බා ඇති නිසා බඩ රස්සාව හොයාගැනීමට අන් මගක් ද නැති නිසාය.

ඔහුට එක් දෙයක් මතක් කොට දිය යුතුය. ඒ බස් රථ වලට ඩොල්කියක් හෝ අත් රබානක් ගෙනගොඩවී ගීත ගයා මගීන්ගෙන් රුපියල දෙක උපයාගන්නා වීදී කළාකරුවා ඔහුට වඩා නම්බුකාර බවයි.ඒ ඔහු “පුංචි දෝනි තරහා වෙලා” යන්න ගයන්නේ එය ජෝතිපාල ගේ ගීයක් මිස තමා ගේ ගීයක් ලෙස ශ්‍රාවකයින් නොරවටා බැවිණි.

ළදරු පාසල් වියේ දී අපි කවුරුත් වැඩිහිටියන් ඇද දෙන රේඛා චිත්‍ර පාට කරමු.ඒ අත හුරු වීමටය.ඒවා වැඩිහිටියන්ට පෙන්වා සතුටු වෙමු.ප්‍රශංසා ලබමු.සමහර විට පොඩි පොඩි තෑගි ද ලබමු. නමුත් ඉහල පංති වලදී හෝ වැඩිහිටියන් බවට පත් වූ කළෙක හෝ එසේ අන් අයගේ රේඛා චිත්‍ර පාට කොට අපේ නම ගසාගෙනවිකුණා මුදල් නොඋපයමු.ඒ එය විහිලුවක් මෙන්ම ආත්ම වංචාවක් ද වන බැවිණි.

මෙවැනිම තවත් ලිපියකට පිවිසෙන්න.

ලේඛකයා වඩා ප්‍රිය කරන මුල්ම ගීය සොයාගත නොහැකි විය.මේ රෝයි සන්ෆලවර්ස් සමග ගයන ගීතයයි.

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (3) – Cross word puzzle on sinhala blog (3)

 

අතපසුවීමකින් එක් උපකාරක පදයක් නොයොදා තමයි ප්‍රහේලිකාව පලකර තිබුණේ.(ඒත් නිවැරදිව විසදන්න ඒක භාදාවක් නෙවෙයි).අද සංස්කරණයේ දි ඒ වරද නිවැරදි කළා.ඒ නිසා 12 න් පසු උපකාරක පද වල අංකත් වෙනස් වෙනවා.අපහසුතාවක් උනා නම් සමාවෙන්න.

උපකාරක පද

හරහට පහලට
1 සිතේ උපදින්නක් 1 යමක් පෙන්වාදීමේදී භාවිතාවන
5 දෙවියන් නොවේ  වදනකි
7 විශාලත්වය 2 සංඛ්‍යාවකි
8 නොගැලපෙන 3 ලක්ෂ්‍ය දෙකක් හෝ වැඩි
10 ලැබූ ගණනක් යාවූවිට සෑදේ .
11 අතීතයේ සිටි ප්‍රසිද්ධ රජයේ නිළධාරියෙකි 4 ඇයිද
11 අතීතයේ සිටි ප්‍රසිද්ධ රජයේ නිළධාරියෙකි 5 සවන් දෙන්න යන්නට සමානය
13 කලකට පෙර තිරගත වූ සම්මානනීය 6 ගණිතයේදී හමුවේ, ප්‍රායෝගිකව
 සිංහල චිත්‍රපටයකි  දක්නට නොලැබේ
15 වහලයේ අංගයකි 8 නොනිසි කාලය
16 කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි 9 ලිවීමේදී අවශ්‍ය වන්නකි
18 රෙදි සමග කියැවේ 12 පළතුරකි
20 සැමට අත්‍යවශ්‍යය 14 හිංදුස්ථානී සංගීතයේ එයි
21 සටනකට අත්‍යාවශ්‍ය වේ 17 බෝධිසත්ව චරිතයකි
19 සාහිත්‍යය නිර්මාණයකි

 

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – විසඳුම

Outsider ඉතාම නිවැරදි විසඳුමක් එවා තිබුණා.මගේ විසඳුම හා නොගැලපුනේ අකුරු දෙකක් පමණයි.

ආලෝකෝ උදපාදී

 

තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් වු තෙමඟුල සමරන මේ වෙසක් පුන් පෝදා,

බුදුන් දෙසූ ආර්ය අශ්ඨාංගික මාර්ගයේ යමින් කෙලෙස් ගනඳුර දුරලා සසර කතරින් එතෙර වීමට

අදිටන් කරගනිමු. 

සේයාරුව උපුටාගත්තේ මූණුපොතෙනි.අයිතිකරු එහිම දක්වා ඇත.

 

සිංහල බ්ලොග් අවකාශයේ ධවල රථ සැරිසරයිද? – ඇටමැස්සා කෝ?

ඇට මැස්සා යන නාමය මා මුල්වරට ඇසුවේ පාසල් සිසුවෙක් ව සිටියදීය.ඒ සුගතපාල ද සිල්වා මහතා සිංහලට පරිවර්තනය කළ The Gadfly නම් කෘතිය නිසාය. ඉන් කලකට පසු මුල්වරට සිංහල බ්ලොගයක් කියැවූ දිනක එහිදී හමුවූ යොමුවක් ඔස්සේ ඇටමැස්සා ගේ අඩවිය නම් බ්ලොගය වෙත මුල් වරට පිවිසුණෙමි.ඒ අදට වසරකටත් මාස හතරකට පහකට පමණ පෙරාතුවදීය.එදා සිට පසුගිය සතිය වනතුරුම මම ඇටමැස්සා ගේ යාවජීව පාඨකයෙක්ව සිටියෙමි.මතක හැටියට මුල්වරට මා කියැවූයේ ඔහු දිවයින පත්‍රය හා එහි කතුතුමා විවේචනයට ලක්කර සම්පාදනය කර තිබූ ලිපියකි.ලිපයේ අන්තර්ගතය හා එකඟනොවූ බැවින් මගේ නිශේධනාත්මක ප්‍රතිචාරය එකෙනෙහිම පළ කල අතර තවත් පාඨකයන් කීප දෙනෙක් සමග වාදයකට ද එළැඹුනා මතකය.එතැන් සිට ගෙවී ගිය වසරකට අධික කාළය තුල ඉහත සංසිද්ධිය ඒ ආකාරයෙන්ම වරින් වර පුනරාවර්තනය විය.ඇමැස්සා සහ මාගේ මතයන් 100%ක් සම්පාත වූ අවස්ථා ද විරල නොවන බැව් මෙහිලා සටහන් කෙරුම වටී.එවන් අවස්ථාවක දී ඔහු ඒ සම්බන්ධව තම ස්තුතිය ද පළකිරීමට නොමසුරු වූ බව මතකය.(සමහර විට ඒ අදට වඩා හොද හෙටක් යන එකම බලාපොරොත්තුව අප දෙදෙනාගේ ම සිත් තුලු තිබූ නිසා වන්නට ඇත).

ඇටමැස්සා ගේ මාධ්‍ය භාවිතය ගැන විචාරපූර්ණ සමාලෝචනයක යෙදීමට තරම් මම ජනමාධ්‍යය පිළිඹද හසල දැනුමැත්තෙක් නොවෙමි.නමුත් එක් දෙයක් ඉඳුරාම පැවසිය හැක.ඒ එහු තමන් විශ්වාස කළ මතවාදයක් වෙනුවෙන් නිර්භයව තම පන්හිද මෙහෙය වූ අභීත මාධවේදියෙකු බවයි.රාජ්‍යතන්ත්‍ර යේ ඉහලම තැන් පවා ඔහුගේ නිර්දය විවේචනයට ලක්වූ වාර අපමණය.විවිධ වූ කඩතුරාවන්ගෙන් තම සැබෑ ස්වරූපය වසාගෙන ජනතාව රවටන දේශපාලඥයන් ගේ සලුපිලි ඇදදැමීමට ඔහු තම පන්හිද මනාව මෙහෙයවීය.වෙසෙසින්ම අනෙකුත් ජනමාධ්‍ය කෙරෙහි බලපවත්නා විවිධාකාර වූ සීමාමායිම් බ්ලොග් කළාවට අදාල නොවීම බොහෝ බ්ලොග්කරුවන් මෙන්ම ඇටමැස්සා ද ලද ආශිර්වාදයක් විය.කෙටියෙන් ම කිවහොත් ඔහුගේ පෑනට තිරිංග නම් නොතිබිණි.

කෙසේ වුවද පසුගිය සතියක පමණ කාලයක සිට ඇටමැස්සා ආගිය අතක් නැත.මේආකාරයට බ්ලොගයක් අතුරුදන් වීම අප අත්දැක්කේ මීට වසරකට පමණ පෙර ටැබූ සබ්ජෙක්ට් බ්ලොගය අතුරුදන් වීමෙනි.(ටැබූ නැතිවීෙමන් අැතිවූ රික්තකය පිරවීමට අැටමැස්සා දායක වූ බව ෙබාෙහා්ෙදනා පිළිගන්නවා අැත) නමුත් එහිදී බ්ලොග්කරුවා අතුරුදන් වීමකට ලක් නොවූ අතර බ්ලොග් අවකාශය පුරාම මේ සිද්ධිය විවිධකාරයෙක් කතාබහට ලක්වූ අවස්ථාවල ටැබූ (එනම් ටැබූ සබ්ජෙක්ට් හි ලේඛකයා) ද ඒහා මැදිහත් වනු දක්නට ලැබිණි.තම බ්ලොගය යම් කඩාකප්පල්කාරී පුදුගලයෙකු හෝ පිරිසක් විසින් හැක් කර ඇති බව ඔහු මෙවන් තැන්වලදී කියා සිටියේය.(මෙය ද විවාදාපන්න වූ අතර ෙනාෙයක් අකාර මත හා නිගමන මේ සම්බන්ධව දිගහැරෙනු නිරීක්ෂණය කල හැකි විය)

නමුත් ඇටමැස්සා ගේ බ්ලොගය අතුරුදන් වීමෙන් පසු එවැන්නක් දක්නට නොලැබීම කුහුල දනවන්නකි.(රැඩිකල් අදහස්  ෙම්ගැන සාකච්චාවක් ද ක ෙල්ය – ඊට ද අැටමැස්සාෙගන් ප්‍රතිචාරක් ෙනාතිබිණි) ඇටමැස්සා ගේ අඩවිය නිහඩ මරනයකට (silent death) ගොදුරු වූයේ ඇයි?

සිංහල බ්ලොග් අවකාශය තුල වූ කියවන්නට යමක් තිබූ, (සැබැවින් ම ගැටීමට හා වාද කිරීමට ද යමක් තිබූ) බ්ලොගයක් හිටි අඩියේ නතර වීම පාඨකයන් හට නම් පිරිමැසිය නොහැකි පාඩුවකි.එනිසා ඇටමැස්සා නැවත කුමන හෝ ස්වරූපයකින් දක්නට ලැබීම අපගේ අපේක්ෂාවයි.

ඇටමැස්සා පමණක් නොව ටැබූ, බියෝන්ඩ් ද ෆ්‍රේම්, පෙරමුණේ රාළ, මිගාර වැනි වැනි හරවත් යමක් බ්ලොග් අවකාශය තුල සිදුකර දැන් නිහඩව සිටින සියලු බ්ලොග්කරුවන් යලි සජීව ලෙස දක්නට ලැබෙන්‍ෙන් නම් අපි උදක්ම ඒ ගැන තුටු ෙවමු.

සජිත් සහ වලහා ගේ මිතුරා

අතීත කතාව

මිතුරන් දෙදෙනෙකු දිනක් යම් කටයුත්තක් සඳහා ඝන කැලෑවක් මැදින් ගමන් කරමින් සිටියහ.හදිසියේ ම මේ දෙදෙනා ඉදිරියෙන් දැවැන්ත වලහෙක් එනු දෙදෙනාම ඈත තියා දුටහ.මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකුට ගස් නැගීමට හැකි අතර අනෙකාට නොහැකිය.ගස් නැගිය හැකි මිතුරා වහා උස් ගසකට නැග වලහාගෙන් ආරක්ෂාව සලසාගත්තේ තම කළණ මිතුරා ගැන කිසිඳු තැකීමක් නොකරය.වලහාගෙන් බේරීමට අන් මගක් නොදුටු දෙවැනි මිතුරා මළාක් මෙන් හුස්ම ද තද කොටගෙන පොළව මතම වැතිර සිටියේය.ඔහු අසලට ආ වලසා ඔහු වෙත නැඹූරැ වී ඉව කොට මළ මිනියකැයි සිතා එතැනින් ඉවතට ගියේය.(වලසුන් සතුන් මරා මිස මළ සතුන් නොබුදින්නේලු).පළමු මිතුරා ගස උඩ සිට මේ සියල්ල බලාගෙනය.වලහා ඈත්ව ගිය පසු ගසින් බැස මිතුරා ළඟට ආ ඔහු මෙසේ ඇසුවේය.

“මොකක් ද යාලුවේ අර වලහා උඹේ කණට කරල කිව්වේ?”

“ආ…… ඌ කිව්වෙද? ඌ කිව්වා විපතේ දී අතහැර යන යාලුවෝ ආශ්‍රය කරන්න එපා කියලා.”

වත්මන් කතාව

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කෙල හලමින් සිටින සජිත් ‍ප්‍රේමදාස මහතා පසුගිය දෙසැම්බර් මස පැවති පක්ෂ නිළවරනයේදී පක්ෂයේ ඉහලම තනතුරු සඳහා තමා ඇතුලු කණ්ඩායමක් ද ඉදිරිපත් කළේය.ඒ තමන් නියෝජ්‍ය නායක ධූරයට, කරු ජයසූරිය මහතා නායක ධුරයට, දයාසිරි ජයසේකර මහතා ප්‍රධාන සංවිධායක ධුරයට ආදීවශයෙනි.කෘත්‍යාධීකාරීමණ්ඩලය තුල ජනමතය හොදින්ම දැනසිටි සජිත් මහතාට තම ජයග්‍රහණය ගැන සැකයක් නොතිබෙන්නට ඇත.ඡන්ද ප්‍රතිපල අනුව සජිත් පිලේ සජිත් මහතා පමණක් ජයගත් අතර කරු ජයසූරිය මහතා මෙපමණ කල් දැරූ තනතුරෙන් ද ඉවතට විසිවී පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලයේ කිසිදු තනතුරක් අහිමිව සිටී නන්නත්තතාර වී ගියේය.

ඔහුට නැවත කෘත්‍යාධීකාර මණ්ඩලයේ තනතුරක් ලබාදීමට සජිත් කිසිදු මැදිහත්වීමක් කළේ නැත.

අනාගත කතාව

මැයි පළමු වෙනිදා සියලු දේශපාලන පක්ෂ මැයි දින රැළි පවත්වා තම ශක්තිය රටට පෙන්වති.එක්සත් ජාතික පක්ෂය තම මැයි දින රැළිය යාපනය නගරයේ පවත්වන්නට තීරණය කරඇත.නමුත් සජිත් ප්‍රේමදාස මහතා, මැයි දිනයක දී ඝාතනයට ලක්වූ හිටපු ජනාධීපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අනුස්මරණ උත්සවය මැයි දියන දා කොළඹ දී පවත්වයි.මැයි දිනය දා යාපනයේ රැළියට සහභාගී නොව සංවිධායකවරුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව පක්ෂය කියයි.දෙපිරිසම තම උත්සවයට සංවිධායකයන් හා පාක්ෂිකයන් ගෙනයාමට වලිකනු පෙනෙයි.

සජිත් මහතා සහ දිලිප් මහතා පමණක් මැයි පළමු වෙනි දා ප්‍රේමදාස ගුණ සමරුවට යාමට පක්ෂයෙන් අවසර ගෙන ඇතැයි පක්ෂ ලේකම් අත්තනායක මහතා පවසයි.තමන් අවසර නොගත් බවත් දැනුම්දීමක් පමණක් කළ බවත් සජිත් මහතා මොරදෙයි.(එතැන ඇත්තේ වචන වල වෙනසක් පමණි).

කෙසේ වුව ද අවසන කියූ පරිදි විනය ක්‍රියාමාර්ග ගතහොත් සජිත් හා දිල්ප් පමණක් රැකෙනු ඇත.සජිත් ගේ අනුගාමිකයන්ට කුමක් වේද?.

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – crossword puzzle on Sinhala blog (2)

සිංහල බ්ලොග් අවකාශයේ මුල්ම හරස්පද ප්‍රහේලිකාව පල කලේ මේඝය විය හැක ??????????.(මා වැරදි නම් නිවැරදි කරන්න).

පහත ඩිලාන් ගේ ප්‍රතිචාරය අනුව ප්‍රමාණ සමීක්ෂක බ්ලොගයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රහේලිකාවක් පලවී ඇත http://www.qsonline.info/2011/04/qs-crossword-1.html

හරීන්ද්‍ර ගේ පහත ප්‍රතිචාරය අනුව සිංහල ඒවා ද මීට පෙර බ්ලොග් අවකාශයේ පලවී ඇත.දන්නා කෙනෙක් යොමුව දෙන්න.

මේ මේඝය ඉදිරිපත් කරන දෙවැනි හරස්පද ප්‍රහේලිකාවයි.මෙහි ද මෘදු පිටපත (soft copy) අවැසි නම් meeghaya@gamail.com වෙත ඊයක් එවන්න.නොවැලැක්විය හැකි ප්‍රාෙයා්ගික ගැටලුවක් නිසා මෘදු පිටපත එවිය හැක්කේ අද (22-ඉරිදා) දිනය තුල පමණක් බව කරුණාවෙන් සලකන්න.

(පළමු ප්‍රහේලිකාව විසඳුවේ නැත්නම් විසඳන්න මෙතැනින් පිවිසෙන්න.)

හරහට
1 අතීතාවර්ජනය
5 ධනය රැස්කරන මාධ්‍යයකි
6 අතීතයේ පාලකයන් විසූවේ මෙහිය
8 මගේ සිත
9 දේශපාලන තිඹිරිගෙයකි
10 අහරට ගන්නා ශාක කොටසකි
12 මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකි
16 ආන්දෝලනාත්මක දේශපාලන පක්ෂයක ලාංඡනයයි
17 වාසනාව
18 සැරිසරන
පහලට
1 ලෝපතල ගෞරවනීය නායිකාවකි
2 සමහරු තවමත් මෙහි වාසය කරති
3 මිනිස් සිත
4 යකුන්ට එරෙහි සටනට ගන්නා අවියකි
7 එක්තරා සාකච්චා මණ්ඩපයකි
8 මද වැසි සහිත කාලගුණය
10 බොහෝ දෙනා වෙහෙස වන්නේ මේවා මකාගැනීමටය
11 සාහිත්‍යකරනයේ දී හමුවන දෝශයකි
13 සමහර දේශපාලකයන් ගේ මුව මීට උපමා කෙරේ
14 උදාහිරු
15 අපාය මෙලෙස ද හැදින්වේ

1977 දී UNPය හයෙන් පහක් ලැබුවේ, ජනමතය විකෘති කළ කේවල ඡන්ද ක්‍රමය නිසයි

1977 වසර මෙරට සමාජ ආර්ථික හා දේශපාලනික හැරවුම් ලක්ෂයකි.ලක් රජය මෙතක් කල් අනුගමනය කළ සංවෘත ආර්ථික ක්‍රමය උඩුයටිකුරු කරමින් මෙරට ආර්ථිකයේ දොරගුලු මහා පරිමාණයෙන් ලෝකයට විවරකළ යුගය බිහි කළේ 1977 මහ මැතිවරණයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිණි.එදා සිට අද දක්වාම 1977 මහ මැතිවරණයෙන් එ.ජා.ප ය ලැබූ ජයග්‍රහණය දේශපාලන ක්ෂේත්‍රය තුල කතාබහට ලක්වන්නේ පාර්ලිමේන්තුව තුල හයෙන් පහක බලයක් ලැබූ සුවිශේෂී විජයග්‍රහණයක් ලෙසය.නමුත් ලේඛකයා මෙය දකින්නේ කේවල මැතිවරණ කොට්ඨාශ ක්‍රමය විසින් ජයග්‍රාහකයා ගේ ජයග්‍රහණය අස්වාභාවික ලෙස වැඩි කොට දැක්වූ අවස්ථාවක් ලෙසයි.

පහත වගුවේ දැක්වෙන්නේ 1977 වසරේ මහ මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵලය ජාතික මට්ටමෙනි.මේ මැතිවරණයට දේශපාල පක්ෂ 31ක් ඉදිරපත් වූ නමුත් සමස්ථ ඡන්ද වලින් 0.5% ට වඩා ඡන්ද ලැබූ පක්ෂ 11 පමණක් මෙහි පෙල ගස්වා ඇත.අලියා ලකුණින් එ.ජා.ප ය ද, අත ලකුණින් ශ්‍රී.ල.නි.ප ය ද තරග වැදුන අතර, හිරු ලකුණින් තරගවැදුනේ මේ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වූ ද්‍රවිඩ සංධානයයි.

මේ වගුව අනුව පැහැදිලිව පෙනීයන්නේ හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය සමස්ථ ඡන්ද වලින් හරි අඩක් පසු කොට ඇත්තේ ද යන්තමින් බවයි.එනම් වත්මන් ව්‍යවස්ථා අනුව මෙය ජනාධිපතිවරණයක් නම් දෙවන වර ඡන්ද ගණන් කිරීමෙන් ද ගැලවෙන්නේ යන්තමිනි.නමුත් ගැටලුව නම් මේ ප්‍රතිපලය එවකට පැවති කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය මගින් පාර්ලිමේන්තුව තුල හයෙන් පහක විශාල බහුතර බලයක් බවට පෙරැලීමයි.සත්‍ය වශයෙන්ම එජාපයට හිමිවිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුව තුල සරල බහුතරයක් පමණි.

වඩාත් ශෝචනීය කාරනය නම් මේ හයෙන් පහක බලය ඊට පෙර පැවති 1970-77 සමගිපෙරමුණු රජයට එරෙහි විශාල ජනතා අප්‍රසාදයක් ලෙස අර්ථදැක්වීමයි.ජනතාවගෙන් හයෙන් එකක්වත් සංවෘත ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි ප්‍රසාදය නොදක්වන බවක් ඉන් කියැවිණි.නමුත් ඉහත වගුව මේ මතය මුලු මනින්ම නිශ්ප්‍රභා කරයි. 

අනෙක් අතට 30% කට ආසන්න ඡන්ද පදනමක් පෙන්වූ ශ්‍රීලනිපය නොව 7% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීම ද ගැටලුවකි.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුල නිර්මාණය කරගත් මේ බහුතර බලය උපයෝගීකරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් මගින් සමානුපාතික නියෝජන ක්‍රමය ස්ථාපිනය කිරිම අප අගය කරමු.එසේ නොවන්නට දිගින් දිගටම මහ මැතිවරණ හරහා විකෘති ජනමතයක් පාර්ලිමේන්තුව තුල නියෝජනය වන්නට ඉඩ තිබිණි.

කේවල ක්‍රමය යටතේ අවසන් වරට පැවති 1977 මහ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කර මේ ලිපිය සම්පාදනය කල ද ඊට පෙර පැවති බොහෝ මැතිවරණ සම්බන්ධයෙක් මේ කතාව මෙසේ ම වන්නට ඉඩ ඇත.(ඒ පිළිඹද ගවේශණය පසුවට තබමු)

විශ්ලේෂණය සදහා අවැසි තොරතුරු උපුටාගත්තේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙණි. http://www.slelections.gov.lk/pastElection4.html

මේ සමානුපාතික නියෝජනයට පක්ෂව ඇමුණූ මුතු මාලයක තවත් එක් පබලුවකි.පහත යොමු ඔස්සේ අනෙක් ඒවා කියවන්න.

මනාප ක්‍රමය හා බැදුන මිත්‍යාවන්

සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම අවශ්‍ය ඇයි ?

කේවල කොට්ඨාශ මැතිවරණ ක්‍රමය නැවත ගේන්න එපා!

අලුත් අවුරුදු සුභපැතුම්

මේඝය ප්‍රහේලිකා 1 – නිවැරදි විසඳුම

ප්‍රහේලිකාවෙන් උගත් පාඩම්

ප්‍රහේලිකාවෙන් උගත් පාඩම නම් සාමූහිකත්වයේ අගයයි.විසඳුම් එවූ පාඨකයන් කිසිෙවක් තනිව 100% ක් නිවැරදි ව ෙමය විසඳා ෙනාතිබිණි. නමුත් ඒක් අයෙකු වැරදූ පද  වෙනත් කෙනෙක්  නිවැරදිව විසඳා තිබිණි.ඔහුට ෙවනත් පදයක් වැරදී තිබිණි.ඒනම් සාමූහිකව විසදුවා නම් ෙමය සාර්ථකව විසඳාගැනීමට හැකියාව තිබිණි.(හරස්පද ප්‍ර ෙහ්ලිකා එසේ විසදිය යුතු ද යන්න ෙවනම ගැටලුවකි).

අප  ෙපාදුවේ මුහුණ දෙන ගැටලුවකට විසඳුම් තනි තනිව සොයනාවාට වඩා සාමූහිකව සෙවීම පහසු බව පැහැදිලිය.මක්නිසා ද මට නොපෙනන ෙදෙයක් ඔබට  ෙපනිය හැක.ඔබට නොපෙනන දෙයක් මට පෙනිය හැක.අප දෙදනාට ම පෙනෙන දෙයක් තුන්වැන්නෙකුට  ෙපනි යාහැක.සාමූහිකව තීරණ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මූලය මෙය යැයි මට සිතේ.

විසඳුම් සෙවූ, මා දිරිගැන් වූ  සැමට ස්තුතියි.ඉදිරියටත්  ෙම්ඝයේ ප්‍ර ෙහ්ලිකා පලවනු ඇත.

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 1 -crossword puzzle on Sinhala blog

සිංහල බ්ලොග් අවකාශයේ හරස් පද ප්‍රහේලිකා පලවී ඇත්දැයි මම නොදනිමි.පුද්ගලිකව මට නම් දක්නට ලැබී නැත.මේ එවැන්නක් සදහා දැරූ තැතකි.විසදන්න උත්සාහ කරන්න.

(මෙය විසදීම සඳහා මෘදු පිටපත-soft copy තිබීම පහසුවකි.අවැසි නම් meeghaya@gmail.com වෙත ඊයක් එවන්න.)

උපකාරක පද

පහලට
1 හොද
2 පූජනීය කන්දකි
3 පරිනත බ්ලොග්කරුවන් තම පාඨකයන් මෙලෙස ද අමතයි
4 ජනප්‍රිය (හිට්ස් ප්‍රිය) බ්ලොග්කරුවෙකි
5 සමහරු බ්ලොග්කරුවන් තම පාඨකයන්ට ගිලීමට දෙයි
8 ජනප්‍රිය ඉංග්‍රීසි නවකතාවක සිංහල පරිවර්තනයයි
10 බ්ලොග් ද ඇතුල් සියලුම නිර්මාණ බිහිවන්නේ මෙතැනිනි (කුමරතුඟු මුනිදසුන් වැහැරූ හෙළ බසිනි)
12 සිරුර
13 පුවත්පතකි
14 බ්ලොග්කරුවන් බොහෝ දෙනෙක් මෙහි පදිංචිව සිටින බව කියනු ලැබේ
16 දේශපාලන බ්ලොග්කරුවන්ට නිතර මාර්තෘකාවන චරිතයකි
18 අයිති
19 පුරෝගාමී බ්ලොග්කරුවෙකි
හරහට
1 රජෙකුගේ නමේ මුල් කොටසයි, බ්ලොග්කරුවෙක් ද සිටී
6 මිනිස් ශරීරයේ විශාලතම ඉන්ද්‍රියයි
7 දේශපාලන බ්ලොග් වල නිතර ගැටේ
8 සුන්දරය ස්ථානයකි
9 බ්ලොග් වලට මේ නම ද උචිතය
10 සුන්දරත්වයේ සංඛේතයයි
11 වක්‍ර
13 පළමු රාජධානිය, දයාල් බතී මෙහි වැසියෙකි
15 ආචාරයක් මෙන්ම පැනයක් ද වේ
17 ප්‍රකට බ්ලොග්කරුවෙක් මේ ගැන ලිපි ශ්‍රේණියක් ම පල කලේය
18 විවාහය
20 බ්ලොග්කරුවෙකි, දිනපොතක් ලියයි
21 ……….. තැනක සොරසතුරන් ගත නොහෙනා
Follow

Get every new post delivered to your Inbox.